රනිල් ආර්ථිකේ හැදුවෙ නෑ! අවුරුදු 10න් ආයෙත් කෙළවෙනවා – පොහොට්ටුවේ ලේකම් පිළිගනී

ටෙලිකොම් ආදී දේපළ විකුණා, තවත් ණය ගෙන කන්නට ලබා දීම ආර්ථික ප්‍රතිපත්තියක් නොවන බවත්, මෙය නැවත ආර්ථිකය කඩාවැටෙන පියවරක් වන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ ආර්ථිකය යථාතත්වයට පත් කරමින් නොසිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් පැවසීය.

අප කළ විමසීමදී ඔහු මේ බව පැවසුවේ ඉරිදා මව්බිම පුවත්පතට ඔහු කළ ප්‍රකාශයක් පිළිබඳ විමසා බැලීමේදීය.

‘මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න, ශක්තිමත් ක්‍රියාමාර්ගයක් ගනියි කියලා අපි ජනාධිතිවරයාගෙන් බලාපොරොත්තු වුණාට ඔහු අරගෙන තියෙන ක්‍රියාමාර්ග ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. එතැනදී ඔහු මේ රටේ ඉස්සර කරපු විදියටම ණය අරගෙන තියෙන දේවල් විකුණලා මිනිස්සුන්ට විදේශ විනිමය ගෙනල්ලා කන්න බොන්න දෙනවා නම් තව අවුරුදු පකින් හරි, දහයකින් හරි නැවතත් මේ රටට ඇති වන්නේ ඒ තත්වය තමයි. එතකොට ජාතික ආර්ථිකය නගා සිටුවන්න මීට වඩා ශක්තිමත් සැලැස්මක් අපි බලාපොරොත්තු වුණා.‘

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading