සීඅයිඩීය සරවනරාජා විනිසුරුගේ ඉල්ලා අස්වීමේ ලියුම හොයයි!

මුලතිව් මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ටී. සරවනරාජා මහතා සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සහ ඊට අදාළ සියළු ලේඛන තම ඒකකයේ භාරයට ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන පරික්ෂණ කටයුතු සදහා මහේස්තාත් ටී’ සරවනරාජා මහතාගේ අල්ලා අස්වීමේ ලිපිය මෙන්ම ඊට අදාළ සියලුම ලේඛන තමන්ට අවශ්‍යව ඇතැයි එම ඉල්ලීමේ සදහන් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව අදාළ ලිපි ලේඛන සියල්ල තම භාරයට ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කරනු ලබන බවද එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.

තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇතැයි සඳහන් කරමින් මුලතිව් මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ටී. සරවනරාජා මහතා සේවයෙන් ඉල්ලා අස්වී මේ වන විට විදේශ ගතව ඇති බව වාර්තා විය.

(ලංකාදීපයෙන් උපුටාගන්නා ලදී)

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading