අන්තර්ජාල මර්ධන පනතට එරෙහිව පළමු නඩුව වැටේ, නඩු ගණනාවක් ඉදිරියේදී

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසින් අද (03) සමාජ මාධ්‍ය මර්ධන පනතට එරෙහිව පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

නඩු අංක SC/ SD/ 66/ 2023 යටතේ ගොනු කර ඇති මෙම පෙත්සම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට එරෙහිව යොමු කර ඇති පළමු පෙත්සමයි.

ජනාධිපති නීතිඥ ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න ඔහු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර, අද සිට අධිකරණය ඉදිරියේ මෙම පනත අභියෝගයට ලක් කරමින් නඩු පැවරීමේ හැකියාව සියලු පුරවැසියන්ට හිමි වෙනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading