මව්බිම සහ Ceylon Today පුවත්පත්වල සේවකයන් මුහුණ දී ඇති අවදානම පිළිබඳව අදහස් දක්වමින්, අදාළ මාධ්‍යවේදීන් ආයතනය සමඟ එළඹී ඇති ගිවිසුම් පරීක්ෂා කළ යුතු බවත්, ඔවුන් ලබාදුන් සේවයට අදාළ වැටුප් ගෙවීමට පාලනාධිකාරිය බැඳී සිටින බවත්, ඕනෑම ආයතනයක් වසා දමන්නේ නම් එය 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනතට අනුකූලව සිදුවිය යුතු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අද (04) පැවති කැබිනට් තීරන දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී WhatNews අප මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.
කෙසේ නමුත්, මේ වන විට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු එහි දී වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.
