ශ්‍රී ලංකාව අමුතු රටකි. ඇතැම් මිනිසුන් අයුතු ලෙස මුදල් උපයා අධිසුඛෝපභෝගී ලෙස ජීවත් වීම මාධ්‍ය වේදීන්ට, ක්‍රියාකාරීන්ට හෝ පොලීසියට ප්‍රශ්නයක් නොවේ. එහෙත්, හැඩකාර ගැහැණියක අයුතු ලෙස මුදල් උපයා තිබේ නම් එය රට කැළඹෙන මහා අවුලකි. මාධ්‍යවලට පිටු ගණන් ලිපිි ලියන්නට මාතෘකාවකි.
පියුමි හංසමාලි රංගන ශිල්පිනියක සහ නිරූපිකාවක ලෙසත්, සමාජ මාධ්‍යවල ප්‍රකට චරිතයක් ලෙසත් පැමිණ කෙටි කාලයක් තුළ විශාල මුදලක් උපයා ඇති බවත්, ඇය සතුව බැංකු අටක ගිණුම් 19ක් ඇති බවත්, අසීමිත ධනස්කන්ධයක් උපයාගත් බවත් දැන් අලුත්ම කතාව වී තිබේ. පියුමිට එරෙහිව පැමිණිල්ල කර තිබුණේ මගෙන් රටට නම් සංවිධානයේ සංජය මහවත්තය. ඇයට හිල්ටන් රෙසිඩන්සීස්හි නිවසක්, කෝටි අටකට ආසන්න වටිනාකමක් ඇති ජීප් රියක් සහ කුරුදුවත්තේ නිවසක් ඇති බව එහිදී හෙළි වූ ආන්දෝලනාත්මකම කරුණු වී තිබේ.
එහි උත්ප්‍රාසජනකම සිදුවීම වන්නේ මුදල් විශුද්ධිකරණය යටතේ පියුමි හංසමාලි පිළිබද ආරම්භ කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයයි. එම විමර්ශනය අනුව, අපේ මිනිසුන්ගේ කටවල් හායි ගා ඇරෙන පියුමි හංසමාලිගේ දේපළ දෙකක් වන්නේ හිල්ටන් රෙසිඩන්සීස් නිවස හා රේන්ජ් රෝවර් ජීප් රියයි. අපේ මාධ්‍ය වේදීන්ට හංසමාලි පදිනකොට ජීප් රිය අවුලක් වුණාට, මීට කලින් ගෝඨාභය රාජපක්ෂ ඔය ජීප් රියම පදිද්දී, ගෝඨාට ඒක දුන්නේ කවුදැයි ප්‍රශ්නයක් වුණේ නැත. ඔහු අයුතු ලෙස මුදල් උපයාගත්තාදැයි මාධ්‍ය සොයා බැලුවේ නැත.
දැනට හෙළි වී ඇති කරුණු අනුව මෙම ජීප් රථය ගෝඨාභය රාජපක්ෂ ලබාගෙන ඇත්තේ යුධ හමුදාවට ආහාර සපයන සැපයුම්කරුවෙකු වන මධුර වික්‍රමරත්නගේ හැදුනුම්කම මතය. ඒ අනුව, ජීප් රථය වික්‍රමරත්න පුද්ගලික සමාගම ලංකාවට ගෙන්වා ඇත. එහි අධ්‍යක්ෂවරයෙකු වන හේවා තොන්ඩිලගේ ජනක ජය දිනුම්ගේ ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු කියා ඇත්තේ මධුර වික්‍රමරත්න ශ්‍රී ලංකා යුධ හමුදාවට ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුවක් සිදුකරන බවත් එහිදී විවිධ දේශපාලනඥයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් හදුනාගත් බවත්ය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ වාහනයේ දෝෂයක් ඇති වූ පසුසීබීඑම් 1949 දරණ රේන්ජ් රෝවර් රථය ගෝඨාභය රාජපක්ෂ වෙත ලබාදුන් බවත් 2021 වර්ෂයේදී එය නැවත ලැබුණු බවත්ය.
මම 2018 වසරේ ඉඳලා කොළඹ 12 ප්‍රදේශයේ වික්‍රමරත්න පුද්ගලික සමාගම නමින් වාහන ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. මා එහි අධ්‍යක්ෂවරයා . මදුර වික්‍රමරත්න කියන්නේ මගේ ඥාති සහෝදරයෙක්.
ඔහු වසර හතළිහක පමණ කාලයක සිට ශ්‍රී ලංකා යුද හමුදාවට ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුව සිදුකරනවා. එ් නිසා ඔහු විවිධ ව්‍යාපාරිකයින් මෙන්ම දේශපාලනඥයින් හඳුනනවා. මේ ජීප් රථය 2019 වසරේදී එංගලන්තයේ සිට මෙරටට ගෙන්නුවා. ඊට පස්සේ ඒක විකුණන්න බැරිව වාහන අංගණයේ නවත්තලා තිබුණා. ඒ දවස්වල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වාහනයේ කාර්මික දෝෂයක් ඇති වුණා කියලා කිව්ව නිසා මේ වාහනය 2020 වර්ෂයේදී එතුමාගේ පරිහරණයට ලබා දුන්නා. ආපහු ඒක 2021 වර්ෂයේදී ලබා ගත්තා. ඊට පස්සේ ඒක විකුණන්න වෙබ් අඩවි දෙකක දැන්වීම් දැම්මා.
ඊට පස්සේ පියුමි සහ ප්‍රගීත් 2023 මාර්තු මාසේ 07 වැනිදා වාහනය බලන්න ආවා. ඒ ගොල්ලෝ වාහනය පරීක්ෂා කරලා රුපියල් ලක්ෂ 05ක මුදලක් අත්තිකාරම් ලෙස දුන්නා. ඊට පස්සේ රුපියල් ලක්ෂ 50 බැගින් ලක්ෂ 100ක මුදලක් මගේ බැංකු ගිණුමට බැර කළා.
ඉතිරි මුදල වරින් වර මගේ ගිණුමට දැම්මා. ඒ වගේම ලක්ෂ 400ක මුදලක් වැලිබල් ෆිනෑන්ස් ආයතනයෙන් කල්බදු පහසුකමක් ලබාගෙන රුපියල් ලක්ෂ 780කට වාහනය මිලට ගත්තා.”
රුපියල් කෝටි 7යි ලක්ෂ 80කට පියුමි හංසමාලි මිලට ගෙන තිබේ. ඒ තරම් වටිනා ජීප් රියක් ගෝඨාභය රාජපක්ෂට ලබා දීමම, විශාල අල්ලස් චෝදනාවකි. ඇත්තටම පියුමි හංසමාලි නොව, ඇයට පෙර මේ ජීප් රිය පාවිච්චි කළ කෙනාය සමාජයේ වැඩි අවධානයට යොමු විය යුතු මාතෘකාව.
දැනට පෙනී යන ආකාරයට හිල්ටන් රෙසිඩන්සීස් නිවස, කුරුදුවත්තේ නිවස සහ ජීප් රිය ආදී ඇය ලබාගෙන තිබෙන දේපළ කිහිපය එකතු කළත්, ඇය ලංකාවේ ඇතැම් කුප්‍රකට චරිත පරිහරණය කරන දේපළ ප්‍රමාණයෙන් අබමල් රේණුවක්වත් පරිහරණය නොකරන බව අපේ හැගීමය. ඇය සතුව ඔය ඇත්තේ, ඔය දේපළවලට කටවල් හායි ගා ඇරෙන මිනිසුන් හීනෙන්වත් නොහිතන තරම් මුදල් ඇති සුළුතර මිනිසුන් පිරිසකගේ අතපල්ලෙන් වැටෙන සොච්චමක් වැනි මුදලකි. පියුමි හංසමාලි කර ඇති එකම වරද වන්නේ එක්කෝ ඒ දේපළ උපක්‍රමික ලෙස තමන්ට ලැබුණු ආකාරය පෙන්වීමට අසමත් වීමය. ඇය ගිය සාද, ප්‍රසංග, පෙනී සිටි වැඩසටහන් ආදිය වෙනුවෙන් ඇයට ලැබුණු ගාස්තු ලෙස ඔය සියලු මුදල් ඉන්වොයිසිකරණයක් කර තිබුණේ නම් (සමහරවිට ඇය එසේ කර ඇතිවා විය හැක.) ඇයට ඔය චෝදනාවලින් ගැලවෙන්නට පුළුවන. නැත්නම්, ඒ දේපළ ඕනෑවට වඩා ප්‍රසිද්ධියේ පරිහරණය කිරීමය. ඒ සියල්ලටත් වඩා, සමාජයේ මිනිසුන් විසින් පෝළිමේ ඇවිත් ඇයට ගල් ගැසීමට හේතු වන ප්‍රධානම කාරණය ඇය ගැහැණියක් වීමය. නිකම්ම ගැහැණියක් නොව, ඇය ආන්දෝලනාත්මක ගැහැණියක වීමය. එවැනි ගැහැණියකට ගලක් ගහන්න ලැබෙනතුරු සමාජය බලා ඉන්නේ අතපය උරුක් කරගෙනය.
මෙරට කළු සල්ලි විජිත ඇත්තේ පියුමි හංසමාලිගේ ඇගේ නිරාවරණය නොවූ ඉතිරි කොටසට යට වී නොවේ. පියුමි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සමාජයට නිරාවරණය වූ ගැහැණියකි. ඇය ගැන ඔතරම් උනන්දුවෙන් සොයන මාධ්‍යවේදීන්, දූෂණ විරෝධීන් ඇත්තටම සොයා බැලිය යුත්තේ සේනාධිපතිලා, ධම්මික පෙරේරාලා, අශෝක් පතිරගේලා, දිලිත් ජයවීරලා ආදීන්ගේ සිට මෙරට දේශපාලනඥයන් දක්වා ප්‍රභූ පිරිස් පාවිච්චි කරන දේපළ ප්‍රමාණය ගැනය.
ඒ බොහෝ අයගේ ගණන් කරන්නටත් බැරි තරම් වූ ධනස්කන්ධය සාධාරණ ලෙස ඉපයූ ඒවාද කියාය. බදු ගෙවා ඇතිද? මුදල් විශුද්ධිකරණයක් නැතිද? කියාය.
ඇත්තය. තිලිණි ප්‍රියමාලි, ඩයනා ගමගේ, පියුමි හංසමාලි ආදීන් හා පැටලෙද්දී, ඒ අය පසුපස පන්නද්දී සමාජය තුළ ඇතිවන කැසිල්ල වෙනත් ඇතැම් මාතෘකාවලට ලැබෙන්නේ නැත. මාස දෙකතුනකට සැරයක් ප්‍රසිද්ධියේ ගැහැණියක් පසුපස පන්නන්නට අපේ සමාජයත් කැමැත්තක් දක්වන බව පෙනේ. ඩයනා ගමගේ වැනි සිදුවීමකදී නම්, ඇතැම් සිදුවීම්වලදී ගැහැණියක් යැයි කියා විවේචනය නොකර සිටීමටත් බැරි බව සාධාරණ අයුරින් ලියා තබන්නත් ඕනෑය.
පියුමි සාධාරණ හෝ අහිංසක බව අපි නොකියමු. එහෙත්, ඇයට ගල් ගසනවාට වඩා අපට කරන්නට වැඩ ඇති බවත්, ඇය ගැන ඔය තරම් සොයන මාධ්‍යවලට, විමර්ශන අංශවලට ඒක කරන්නට දී, අපට සොයන්නට ඊට වඩා බරපතල මාතෘකා තිබෙන බවත් ලියා තබන්නෙමු.

බොහෝ කරුනු ඇතුළත් ලිපියක් . වාහනය ගෝටා පාවිච්චියට ගත් බව නිවැරදියි . මෙය රජය කුලී පදනමින් ගත්තාද? එය වැදගත් . එසේ නොවුනොත් ගෝටට විරුද්ධවද ක්‍රියා කල යුතුයි . පියුමිට තනියම මේවා කල හැකි බව කවුරු හරි කියන්නේ නම් ඒක මෝඩ ප්‍රකාශයක්.
සුද්ධ කිරීම පිටුපස ඇත්තේ වෙන දෙයකි
ගෝටා කොහොමත් කම්බ හොරෙක්
Gota pal horek kiyala usaviyeth oppuwuna, kanaththe sohon hadanna gihilla gahapu gahillata
Okkoma yaluwo Malli…duppath miniha thamai badhu gewa gewa kanne nathuwa duk widinne.
Meka liyapu Eka..Keith ekka hitiya wenna berida
Yap..may be
පියුමිට ගහපු එකෙක්
තමයි ඔච්චර කඩේ යන්නේ
Yes she may be a sprat, but her investigations might expose sharks. Even you wouldn’t have known about gotas vehicle deal,if piumis case is not investigated.
ඔය විදිහට කෝටි ගණන් වියදම් කරන්න සල්ලි ආවේ කොහෙන්ද කියලා හොයන්න ඕනේ..පියුමිව සුද්ද කරන්න උත්සහ කරන වෙබ් පේජ් වලට කියන්න තියෙන්නෙ මේ ඇත්තෙත් හොර දේශපාලුවන් විසින් හොරා කෑ කලු සල්ලි වෙන්න ඇති..පියුමිලා වගේ චරිත දම්මලා ඒ කලු සල්ලි සුදු කරනවා වෙන්න පුළුවන්..මොකද පියුමිට සාමාන්‍යයෙන් දේශපාලන හිතවත්කම් වැඩි..හිටපු ඇමතිවරයෙක් වරක් නිරෝධානයට යවන පියුමි ඇතුළු කණ්ඩායම ගිය බස් එක නවත්වලා ඇඳුම් දුන්න කතාවත් ප්‍රසිද්ධයි..
පියුමිගේ චෝදනාව කරලියට ආවෙ නැතිනම් ඔබ කියන හොරුන් ගැන අඩුමගානෙ ඔබේ ලිපියවත් ලියවෙන්නෙ නෑනෙ..ඔබ ඔවුන් ගැන හොයන්න.සන්ජය ඔහුට පුලුවන් දේ ඔහු කලා..
මේ වෙබ් පේජ් එකේ හා එහි කාර්‍ය ම ණ්ඩල අයගේ ගිණුම් ද පරීක්ෂා කල යුතුයි
අනේ හුකාපන් බන්
සුදු හුණු 🤣🤣🤣
Meka liyapu ekage game eka pehedili. Muta liyanna wenadeyak thibilama ne. Aniva gahala thiyenawa