මේ වන විට සමාජ මාධ්‍යවල ගල් අගුරු හදිසි මිලදී ගැනීම සදහා වූ ටෙන්ඩරයට බලපෑම් කිරිමක් බව හුවමාරු වෙන දූරකථන ඇමතුම සත්‍ය බව තහවුරු කරමින් ලංකා ගල් අගුරු සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි මෙසේ සදහන්ය.
‘ලංකා ගල් අගුරු සමාගමේ සභාපතිවරයා ලෙස මා හදිසි ගල් අගුරු සැපයීම සදහා කැදවන ලද ටෙන්ඩර් මණ්ඩලය හරහා නිසි සුදුසුකම් ලත් මෙන්ම ඒ වන විටත් කැබිනට් අනුමැතියද සහිතව කොන්ත්‍රාත් ප්‍රදානය කර තිබූ සැපයුම්කාර සමාගමේ දේශීය නියෝජිතයා අමතා ඊට අදාලව බැංකුව විසින් නිකුත් කරන කාර්ය සාධන ඇපකරය එය අදාල බැංකුව විසින් නිකුත් කරන ලද දිනය වන 2026 මාර්තු 25 දිනැතිව ලබා දෙන ලෙස කළ දැනුම්දීමක හඩ පටයක් විවිධ අර්ථ ගැනවෙන අයුරින් විකෘති කොට විශේෂයෙන්ම සමාජ මාධය තුළ ප්‍රචාරය කරන බව වාර්තා වේ.
හදිසි ගල් අගුරු සැපයුම හා අදාල ටෙන්ඩර් පටිපාටිය හා අදාල ප්‍රසම්පාදන ක්‍රමවේදය නියම ආකාරයෙන් අනුගමනය කර ඇති බවත්, එම ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක වන බවත් නොමග යවනසුළු ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.‘
එම දූරකථන ඇමතුමේ ‘මම බේරන්නෙ කාවද දන්නවද? ජනාධිපතිතුමාවයි, ධම්මික මහත්තයාවයි මොහාන් මහත්තයාවයි තමයි මම බේරන්නේ. පව්නේ ඒගොල්ලෝ. ඔයාගෙත් යුතුකමක් තියෙනවා රත්තරන් මල්ලි. ඕක කරන්න එපා.‘ යනුවෙන්ද එක් අවස්ථාවක පුද්ගලයෙකු කියා තිබුණි.
එමෙන්ම ‘මම කියන්නේ කොහොමහරි හෙට උදේ නවයයි පනස්පහ වෙනකොට මට හාඩ් කොපි එක තියෙන්න ඕනෑ අද දිනය දාලා.‘ යනුවෙන්ද කියා තිබුණි.
කෙසේ වෙතත් ඒ පිළිබද පැහැදිලි කිරීමට ලංකා ගල් අගුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායකගේ අත්සනින් යුතුව අප්‍රේල් 13 දිනැතිව නිකුත් කළ නිවේදනයේ මෙසේ සදහන් වෙයි. ජයන්ත රත්නායක මහතා පසුගිය සතියේ මෙම ගනුදෙනුව පිළිබද පැවති කෝප් කමිටු සාකච්ඡාවට සහභාගී නොවීම විශේෂයකි.

