පොලිස් නිලධාරියෙකුව විමර්ශනයක් නොමැතිව අත්අඩංගුවට ගත්තායැයි කියන සිදුවීම මත පදනම්ව ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම් තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් සිදු කල බව පොලිසිය පවසනවා.
ඒ අනුව එච්.ටී.එම් තුෂාර මහතා වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා යොදවා තිබෙනවා.
පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට සති දෙකක් ඇතුළත ඔහු සම්බන්ධයෙන් විමර්ශණ කොට වාර්තාවක් ලබා දෙන ලෙස දැනුම් දී තිබෙනවා. ඒ මත පදනම්ව අදාල ස්ථාන මාරුව ලැබී තිබෙනවා.
ඔක්තෝබර් 10 වැනිදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී නීතිඥයෙකුට පහරදුන්නායැයි සිදුවීමක් සම්බන්ධයෙන් කිසිදු සොයාබැලීමක් හෝ විමර්ශනයක් සිදු නොකොට පොලිස් කොස්තාපල්වරයෙක්ව අත්අඩංගුවට අරගෙන තිබුණා. එය පොලිස් නිලධාරියෙකුගේම මූලික අයිතිවාසිකම පොලීසිය විසින් කඩ කළ අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. මෙම සිදුවීමේදී කටඋත්තරයක් ලියාගෙන තිබෙන්නේද අත්අඩංගුවට ගැනීමෙන් පසුව බව වාර්තා වුණා. ඒ අනුව අදාල පොලිස් නිලධාරියාව ඔක්තෝබර් 13 වැනිදා දක්වා රිමාන්ඩ කරනු ලැබුවා.
එම අවස්ථාවේ නීතිඥ ගුණරත්න වන්නිනායක කිසියම් පුද්ගලයෙකුට ඇමතුම ලබාගෙන ඇති බව වීඩියෝ දර්ශනවල සටහන් වුණා. ඒ අනුව පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගන්නා ලෙස බලපෑම් කර ඇතිදැයි සොයා බැලීමටද නියමිතයි. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මෙම සිදුවීමෙදී අත්අඩංගුවට ගැනීම සඳහා බලපෑම නොකළ බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.
අදාල පොලිස් නිලධාරියා මීට පෙර 2022 මාර්තු 31 වැනිදා මිරිහානේ සිදුවීම සම්බන්ධයෙන්ද කිසිදු විමර්ශනයක නෙමැතිව 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට මිරිහාන ප්‍රධාන පොලිස පරීක්ෂක ඉල්ලා සිටි සිදුවීමටද සම්බන්ධ වී තිබෙනවා.

විනිශ්චයකාරවරු කියන්නෙ පොලිසියේ රබර් මුද්‍රාවද?