පාස්කු වින්දිත අරමුදලට තවත් මිලියන 20ක්

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලෙස ‘පාස්කු ප්‍රහාරය අප්‍රේල් 2019 – වින්දිත අරමුදල’ යන නමින් ස්ථාපිත අරමුදල සඳහා තවත් රුපියල් මිලියන 20ක් බැර කර තිබෙනවා.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් පසුගිය ජුනි 19 වැනිදා රුපියල් මිලියන 05ක් සහ පසුගිය ජුනි 26 වැනිදා රුපියල් මිලියන 15ක් ලෙස රුපියල් මිලියන 20ක මුදල ගෙවා තිබුණා.

ඒ අනුව ඔහුට ගෙවීමට නියමිත රුපියල් මිලියන 50ක මුදලින් අවස්ථා 6දී රුපියල් මිලියන 26ක් ගෙවා අවසන් කර තිබෙනවා.

මෙම මුදල් බැර කිරීමත් සමග පසුගිය ජුනි 27 වැනිදා වන විට මෙම අරමුදල සඳහා රුපියල් 84,825,588.87ක් බැර කර ඇත.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අවස්ථා 03කදී රුපියල් මිලියන 43ක් ගෙවා ඇති අතර, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර රුපියල් 1,725,588.87ක්ද, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා රුපියල් මිලියන 4.1ක්ද මේ දක්වා ගෙවා තිබෙනවා.

මීට අමතරව පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලෙස හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ගෙවීමට නියමිතව තිබූ රු.මි.10ක මුදල මේ වන විට ගෙවා අවසන් කළ බව සඳහන් වනවා.

Author

3 Comments

Comments are closed.

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading