ඉරානයෙන් අසර්බයිජානයට ඩ්‍රෝන ප්‍රහාරයක්

අද (05) මධ්‍යහ්නයේ ඉරාන දේශසීමාවේ සිට එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් අසර්බයිජානයට අයත් නක්චිවන් ප්‍රදේශයේ සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව අසර්බයිජාන විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි.

අසර්බයිජාන රජයේ නිල වාර්තාවලට අනුව, ප්‍රහාරයට යොදාගත් එක් ඩ්‍රෝන යානයක් නක්චිවන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පර්යන්ත ගොඩනැගිල්ලට පතිත වී ඇති අතර, ඉන් එම ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. අනෙක් ඩ්‍රෝන යානය ශකරාබාද් ගම්මානයේ පාසල් ගොඩනැගිල්ලක් අසලට පතිත වී ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූ සිවිල් වැසියන් දෙදෙනා මේ වන විට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර, ගුවන් තොටුපළ සහ ඒ අවට යටිතල පහසුකම්වලට සිදු වූ හානිය පිළිබඳව අසර්බයිජාන බලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අසර්බයිජානය ඉරාන තානාපතිවරයා කැඳවා සිය දැඩි විරෝධය පළ කර ඇති අතර, ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනම් පැහැදිලි කිරීමක් ඉල්ලා තිබේ.

මෙය ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවත්, කලාපීය ස්ථාවරත්වයට මෙයින් දැඩි තර්ජනයක් එල්ල වන බවත් අසර්බයිජාන විදේශ අමාත්‍යාංශය අවධාරණය කළේය.

මැදපෙරදිග කලාපයේ පවතින වර්තමාන උණුසුම් තත්ත්වය හමුවේ මෙවැනි ප්‍රහාරයන් මගින් කලාපීය ගැටුම් තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading