දකුණු කොරියාවේ තරුණයන් ඉලක්ක කරගනිමින් මාරාන්තික විෂ ලබා දී පුද්ගල ඝාතන සිදුකළ බවට චෝදනා ලැබ සිටින 20 හැවිරිදි තරුණියක්, ඇය අත්අඩංගුවට පත්වීමෙන් පසු එරට සමාජ මාධ්‍ය ජාල තුළ අසාමාන්‍ය ලෙස ජනප්‍රියත්වයට පත්ව ඇති බව වාර්තා වේ.
ඝාතනවලට සැකපිට අත්අඩංගුවට ලක් වූ ඇය සිරගත කිරීමට බැරි තරම් සුන්දර නිසා ඇයව සිරගත නොකරන බව සමාජ මාධ්‍යවලින් ඇතැම් අය පවසන බව මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය පෙබරවාරි 19 වන දින අත්අඩංගුවට ගත් “කිම්” නැමැති මෙම තරුණියට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ තරුණයන්ගේ පානයන්ට නිදි පෙති මිශ්‍ර කර ඔවුන්ව ඝාතනය කිරීමයි.

පොලිස් වාර්තාවලට අනුව, ඇයගේ මෙම ක්‍රියාවන් හේතුවෙන්:
- තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
- තවත් එක් තරුණයෙකු බරපතල තත්ත්වයේ කෝමා (Coma) තත්ත්වයක පසුවේ.
පුදුමයට කරුණ නම්, මෙම බියකරු අපරාධ සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට පත්වීමෙන් පසු ඇයගේ රූපලාවන්‍යය සහ පෞරුෂය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතාබහක් ඇති වීමයි. බොහෝ පිරිසක් ඇය වටා “රසික පිරිසක්” (Cult following) ලෙස රොක් වෙමින් සිටින අතර, මෙය දකුණු කොරියානු බලධාරීන්ගේ පවා දැඩි අවධානයට ලක්ව තිබේ.
සිරදඬුවමකට මුහුණ දී සිටින කිම්, පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමාට අසාධාරණයක් කළ හෝ තමාට වැරදි කළ පිරිමින් පමණක් තමා ඉලක්ක කළ බවයි. “මා ඉලක්ක කළේ මට වැරදි කළ අය පමණයි” යනුවෙන් පවසමින් ඇය තමා කළ අපරාධ සාධාරණීකරණය කිරීමට උත්සාහ කරයි.
