කන්ටේනර් 323 ගැන හොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නව සාමාජිකයෙක් පත් කරයි !

කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්යය භෞතික පරීක්ෂණයට භාජනය නොකර නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ පත්කර තිබෙනවා.

කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්යෙන් භෞතික පරීක්ෂණයට භාජනය නොකර නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කිරීමට හා ඒ සම්බන්ධයෙන් යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කරුණාතිලක මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව ස්ථාවර නියෝග 106 විධිවිධාන ප්‍රකාරව මෙසේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ පත් කැ ඇති බව කතානායකවරයා විසින් අද (18) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.

මෙම කමිටුව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙනුයි ක්‍රියාත්මක වනු ලබන්නේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading