හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අද (17) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබේ.
ඔහු මෙලෙස කැඳවා ඇත්තේ පසුගිය රජය සමයේ ගන්නා ලද අමාත්‍ය මණ්ඩල තීරණයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බව වාර්තා වේ.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, පසුගිය රජය සමයේ ගන්නා ලද අමාත්‍ය මණ්ඩල තීරණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා තමන්ව මෙලෙස කැඳවා ඇති බවයි.
එහිදී විජිත් විජයමුණි සොයිසා විසින්, FCID යට ඇතුළ්වන ස්ථානයේ නිලධාරීන් හට තමාට ලැබුණු කැඳවීම් ලිපිය පෙන්වමින් සඳහන් කළේ එම ලිපිය කියවීමට පරණවිතාන ළඟට යා යුතු වන බවයි.
මීට පෙරද අවස්ථා කිහිපයකදී විවිධ විමර්ශන සඳහා ඒ මහතා පොලිස් ඒකක වෙත කැඳවා තිබූ අතර, විශේෂයෙන්ම පසුගිය වසරේ ජනවාරි නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත වලාන දූෂණ මර්දන ඒකකය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.
