විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව තීරණවලට සහ පරිපාලන ගැටලුවලට එරෙහිව කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් අද (17) විරෝධතාවක නිරත විය. මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කුමාරතුංග මුනිදාස මාවතේ එක් මංතීරුවක ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
මෙම විරෝධතාවයට මූලික වී ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන නව නියාමන නීති සහ අත්තනෝමතික ශිෂ්‍ය මර්දනයයි. විශේෂයෙන්ම, සරසවි සිසුන් සංවිධානය කරන ඕනෑම ක්‍රියාකාරකමක් විශ්වවිද්‍යාල පරිපාලනයේ පූර්ණ නියාමනයට යටත් විය යුතු බවට පනවා ඇති කොන්දේසි සිසුන්ගේ ස්වාධීනත්වයට දැඩි තර්ජනයක් බව ශිෂ්‍ය නායකයෝ පෙන්වා දෙති.
මෙහිදී අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සභාපති හිමිසර දෙනුවන් අවධාරණය කළේ, ශිෂ්‍ය මර්දනයට අමතරව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන ක්‍රියාවලිය තුළ පවතින ගැටලු රැසකට ද මෙතෙක් විසඳුම් ලැබී නොමැති බවයි. පවතින මෙම නව නියාමන කොන්දේසි සඳහා සිසුන්ගේ කිසිදු එකඟතාවක් නොමැති බවත්, බලධාරීන් මෙම ක්‍රියාමාර්ග ඉදිරියටත් පවත්වාගෙන යන්නේ නම් ඊට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අපි කියන්න කැමතියි ආණ්ඩුවට, මේ මුර බල්ලන්ව රැකගෙන තියාගන්න… UGC එකේ කුහකයින්ව රැකගෙන තියාගන්න… ඔවුන් අත්තනෝමතික ක්‍රියා කරනවා… ඔවුන් එහෙම කරන්න හදනවනම්, මේ ශිෂ්‍ය ව්‍යාපාරය කියල කියන්නේ එහෙම මර්දනය කරන්න පුළුවන් ශිෂ්‍ය ව්‍යාපාරයක් නෙවෙයි, මේ පොඩ්ඩයි, ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ ගින්නක්, මේක පොඩි පින්නක් මේක දැවැන්ත විදිහට ගෙනෙල්ලා UGC එක අධ්‍යාපන අමාත්‍යංශය වටලන්න අපි දෙපාරක් හිතන් නෑ…” යනුවෙනි.
