‘දිට්වා’ හමුවේ ලබා දුන් මානූෂීය ආධාර වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීම සඳහා බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ලංකාවට !

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී ඇතුළු එරට උසස් නිලධාරීන් හත්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් නිල සංචාරයක් සඳහා අද (17) පෙරවරුවේ මෙරටට පැමිණ තිබෙනවා.

කටාර් ගුවන් සේවයට අයත් QR-664 දරන ගුවන් යානයෙන් දෝහා සිට පැමිණි ඔවුන් පිළිගැනීම සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන ඇතුළු නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

ඒ අනුව, දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් සිදුකෙරෙන මෙම සංචාරයේ දී ඩේවිඩ් ලැමී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූූූූ සඳහා එක්සත් රාජධානිය ලබාදුන් මානූෂීය ආධාර වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීම හා ළමා රැකවරණය සඳහා වන ගෝලීය ව්‍යාපාර ප්‍රඥප්තියට අදාළ ගිවිසුමට අත්සන් තැබීම බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණු අතර වන බවයි සඳහන් වන්නේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading