කටුනායක ගුවන් තොටුපොළට පෞද්ගලික ජෙට් යානා 15 ක් ! ICC සභාපතිත් ලංකාවට !! සියල්ලට හේතුව අනුරගේ දුරකතන ඇමතුම ද ?

ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ඊයේ (15) පැවැති ඉන්දු පාකිස්ථාන තරගය නැරඹීම සඳහා, පෞද්ගලික ජෙට් යානා 15 කින් කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ වෙත පුද්ගලයින් පැමිණ ඇති බව වාර්තා වනවා‍.

ඒ අනුව ආරංචි මාර්ග සඳහන් කර සිටියේ, මෙම පෞද්ගලික ජෙට් යානා ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු තවත් රටවල් කිහිපයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා ඊයේ පස්වරුවේ දී ක්‍රිකට් කවුන්සිලයේ උසස් නිලධාරීන් 11 දෙනෙකු සමඟ ඉන්දියාවේ හයිද්‍රබාද් නුවර සිට මෙසේ පෞද්ගලික ගුවන් යානා ඔස්සේ මෙරටට පැමිණ තිබූ අතර, ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද එක් වී සිටියා.

කෙසේ නමුත්, මෙලෙස ජේ ෂා ට අමතරව, පාකිස්ථාන ක්‍රිඩා අමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් ද තවත් කෝටිපති ව්‍යාපාරිකයන් රැසක් ද මෙසේ තම පෞද්ගලික ජෙට් යානා හරහා මෙරටට පැමිණි බවයි ගුවන්තොටුපොළ ආරංචි මාගර් සඳහන් කර සිටියේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading