රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය ආධාර යටතේ නිවාස ඒකක 4,074ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ උප ව්‍යාපෘති 06න් එක් උප ව්‍යාපෘතියක් වන රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2020 වර්ෂයේ මාර්තු මස 04 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දුන් නමුත්, එම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුගේ දුර්වල කාර්යසාධනය හේතුවෙන් අදාළ කොන්ත්‍රාත් ගිවිසුම අවලංගු කර එකී ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ලංසු කැඳවීමටයි රජය තීරණය කරනු ලැබුවේ.
ඒ අනුව එම ලංසු කැඳවීම යටතේ ඉදිරිපත් වී ඇති ලංසු 06 සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව M/s Maga Engineering (Pvt) Ltd වෙත පිරිනැමීම සඳහායි මෙසේ කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.
මේ සඳහා වන යෝජනාව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
