පාසල් වල සේවය කළ සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා එම සංවර්ධන නිලධාරීන් වසර කිහිපයක් තිස්සේ ක්‍රියාමාර්ග රැසකට අවතීර්ණ වූ අතර තමන්ට සාධාරණයක් කරන ලෙස ඉල්ලා බලධාරීන් සමග ද සාකච්ඡා කිහිපයකටම සහභාගී විය. නමුත් අද දින පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍ය හරිණි අමරසුරිය විසින් ප්‍රකාශ කළේ විභාගයකින් තොරව කිසිදු බඳවා ගැනීමක් කළ නොහැකි බවයි.
අන්තර්ග්‍රහණය කිරීමට හැකියාවක් නැහැ… රජය සේවා කොමිසමත් ශ්‍රේෂ්ඨාධිකරණයත් නඩු ගණනාවක දීල තියෙන තීන්දු අනුව තමයි අපිට ක්‍රියාත්මක කරන්න වෙන්නේ… ඒ අනුව අපි කැබිනට් එක හරහා ඉදිරිපත් කරපු තීරණය අනුව තමයි අපිට මේ නඩු වලින් මේ අවුරුද්දේ නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ…
යනුවෙන් හරිණි අමරසූරිය ප්‍රකාශ කර සිටියාය.
මෙහිදී ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ ගුරු ව්‍යවස්ථාව අනුව සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව දී ඇති නිර්දේශ අනුව ගුරු සේවයට බඳවා ගැනීම තරඟ විභාගයකින් සිදු කිරීමට සියළු පාර්ශව එකඟ වී ඇති බවයි.
එය නඩු තින්දුවෙත් සඳහන් බව පවසමින් ඇය ප්‍රකාශ කලේ ඉදිරියේදී බඳවා ගැනීමේ ඒ ආකාරයට සිදු වන බවයි.
එසේම මෙම බඳවා ගැනීම් සඳහා ගැටලුවක්ව තිබූ වයස් සීමාව සංශෝධනය සඳහා අවසා දී තිබෙන අතර ඒ අනුව වයස් සීමාව 45 දක්වා වැඩි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී ඇති බව අමාත්‍යවරිය සඳහන් කළා.
තවද බඳවාගැනීමේ දෙවන පියවර ලෙස, විභාගයට අමතරව සම්මුඛ පරීක්ෂණයක්ද පැවැත්වීමට නියමිතයි. මෙතෙක් කල් පාසල් වලින් ගුරුවරුන් ලෙස සේවය කිරීමේ දී ලැබූ අත්දැකීම් ඉදිරිපත් කළ හැකි අතර ඒ අනුව වැඩි වාසියක් සංවර්ධන නිළධාරීන් ලෙස පාසල් වල සේවය කළ අයට ලැබෙන බවද අමාත්‍යවරිය වැඩි දුරටත් සඳහන් කළාය.
මේ පිළිබඳව විමසීම සඳහා What News අප පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත.
