මත්ද්‍රව්‍ය පැකට් කළ හිටපු ජේවීපී මන්ත්‍රී අධිකරණයට

හෙරොයින් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා යොදා ගන්නා ස්ටිකර් සහ මුද්‍රණ යන්ත්‍රයක් සමඟ අත්අඩංගුවට ගත් දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයා අද (17) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළා.

කොළඹ මධ්‍යම අපරාධ ඒකකය මගින් පසුගිය 14 වන දින ගල්කිස්ස, ගාලු පාරේ පිහිටි ‘ඩිජිටල් මුද්‍රණ ආයතනයකදී’ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.

අත්අඩංගුවට ගත්, තුවාන් ආයුබ් මොහොමඩ් යන සැකකරු එම මුද්‍රණ ආයතනයේ හිමිකරු වනවා.

දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස සහ එම පක්ෂයේ දෙහිවල ආසනයේ හිටපු සංවිධායකවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

සැකකරු අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව, ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් චතුර සුගතපාල මහතා විසින් සැකකරු හෙට (18)දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

සැකකරු වෙනුවෙන් නීතිඥ මතුගම මහතා අධිකරණයේ පෙනී සිටියා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading