2022 වසරේ මැයි මස 09 වනදා ගාලුමුවදොර අරගල භූමියේ සිටි සාමකාමී විරෝධතාකරුවන්ට රාජපක්ෂ හිතවාදී මැරයන්ගේ පහරදීමෙන් පසුව දිවයින පුරා සිද්ධීන් කිහිපයක් වාර්තා විය.
සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදුවූ හානිය වෙනුවෙන් යැයි පවසමින් නීතියට පටහැණි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පාරිසරික නීතිවේදියෙකු වන ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන අතර එය ජනවාරි මස 28 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.
ආණ්ඩුවට, ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා දූෂිත පාලකයින්ට එල්ල වෙමින් පැවති ජනතා විරෝධය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය අගමැති මහින්ද රාජපක්ෂට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබු බව වාර්තා විය. ඒ අනුව මහින්ද රාජපක්ෂ 2022 වසරේ මැයි මස 09 වෙනිදා අරලියගහ මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකර අගමැතිකමෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා විය.ඒ අනුව පොදුජන පෙරමුණේ දේශපාලඥයින් ප්‍රමුඛ ආධාරකරුවන්, මැරයන් මැයි 09 උදෑසන සිට අරලියගහ මන්දිරයට රැස්ව මහින්ද රාජපක්ෂට අගමැතිකමෙන් ඉල්ලා අස්නොවන ලෙස විවිධ කතා පවත්වා තිබුණා.
මහින්ද රාජපක්ෂ සමග සිටි දේශපාලඥයින් සහ ආධාරකරුවන් අනතුරුව අරලියගහ මන්දිරයෙන් පිටතට පැමිණ අරලියගහ මන්දිරයේ පිවිසුම් දොරටුව අසල පිහිටා තිබු ‘ මයිනා ගෝ ගමට පහර දෙන ලදී. ඉන් අනතුරුව රාජපක්ෂ හිතවාදී මැරයන් විසින් ගාලු මුවදොර පිහිටා තිබු ‘ ගෝඨා ගෝ ගම’ අරගල භූමියට ඇතුල් වූ අතර එහි සිටි සාමකාමී අරගලකරුවන්ට සහ ඔවුන් රැඳී සිටි කුඩාරම්, ඉදිකර තිබු වෛද්‍ය මධ්‍යස්ථානය, පුස්තකාලය ඇතුළු ස්ථාන රැසකට පහර දී විනාශ කරන ලදී.

කොළඹ ‘ගෝඨා ගෝ ගම’ ට සහ ‘මයිනා ගෝ ගම’ ට එල්ලවූ ප්‍රහාරයෙන් පසු කොළඹ නගරයෙන් පිටත ප්‍රදේශ රැසක ද නොසන්සුන් තත්ත්වයක් ඇති විය. එහිදී තම නිවාස වලට හානි වූයේ යයි පවසා වන්දි ලබා ගත් දේශපාලඥයන්ගේ ලැයිස්තුව පසුගිය පෙබරවාරි 06 වෙනිදා නලින්ද ජයතිස්ස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මන්ත්‍රීවරුන් 43 දෙනෙකු ලබාගෙන ඇති වන්දි මුදල්වල සමස්ත වටිනාකම රුපියල් කෝටි 122.41ක් බවය.
මේ අතරින්, කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් ලක්ෂ 959ක් වන්දි මුදල් ලෙස ලබාගෙන ඇති අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 934ක්, ගාමිණි ලොකුගේ රුපියල් ලක්ෂ 749ක්, අලි සබ්රි රහීම් රුපියල් ලක්ෂ 709ක් සහ නිමල් ලාන්සා රුපියල් ලක්ෂ 692ක් බැගින් රජයෙන් වන්දි ලබාගෙන ඇති බවය.
සම්පූර්ණ ලැයිස්තුව පහතින්,
කපිල නුවන් අතුකෝරළ – රුපියල් 504,000
විමලවීර දිසානායක – රුපියල් 550,000
ගීතා කුමාරසිංහ – රුපියල් 972,000
ජනක තිස්සකුට්ටිආරච්චි – රුපියල් 1,143,000
ගුණපාල රත්නසේකර – රුපියල් 1,412,780
ප්‍රේමනාත් සී දොලවත්ත – රුපියල් ලක්ෂ 23යි
ප්‍රියංකර ජයරත්න – රුපියල් 2,348,000
සම්පත් අතුකෝරළ – රුපියල් 2,540,610
ජයන්ත කැටගොඩ – රුපියල් 2,814,800
විමල් වීරවංශ – රුපියල් 2,954,000
මහාචාර්ය චන්න ජයසුමන – රුපියල් 3,334,000
අකිල එල්ලාවල – රුපියල් 3,554,250
චමල් රාජපක්ෂ – රුපියල් 6,539,374
චන්දිම වීරක්කොඩි – රුපියල් 6,948,800
අශෝක ප්‍රියන්ත – රුපියල් 7,295,000
සමන් ප්‍රිය හේරත් – රුපියල් ලක්ෂ 105.2යි
ජනක බණ්ඩාර තෙන්නකෝන් – රුපියල් ලක්ෂ 105.5යි
රෝහිත අබේගුණවර්ධන – රුපියල් ලක්ෂ 116.4යි
විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ – රුපියල් ලක්ෂ 137.8යි
සහන් ප්‍රදීප් – රුපියල් ලක්ෂ 171.3යි
ශෙහාන් සේමසිංහ – රුපියල් ලක්ෂ 185.1යි
ඉන්දික අනුරුද්ධ – රුපියල් ලක්ෂ 195.5යි
මිලාන් ජයතිලක – රුපියල් ලක්ෂ 223යි
වෛද්‍ය රමේෂ් පතිරණ – රුපියල් ලක්ෂ 281යි
දුමින්ද දිසානායක – රුපියල් ලක්ෂ 288යි
කනක හේරත් රුපියල් ලක්ෂ 292යි
ඩී බී හේරත් – රුපියල් ලක්ෂ 321යි
ප්‍රසන්න රණවීර – රුපියල් ලක්ෂ 327යි
ඩබ්ලිව් ඩී වීරසිංහ – රුපියල් ලක්ෂ 372යි
ශාන්ත බණ්ඩාර – රුපියල් ලක්ෂ 391යි
එස් එම් චන්ද්‍රසේන – රුපියල් ලක්ෂ 438යි
සනත් නිශාන්ත – රුපියල් ලක්ෂ 427යි
සිරිපාල ගම්ලත් – රුපියල් ලක්ෂ 509යි
අරුන්දික ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 552යි
සුමිත් උඩුකුඹුර – රුපියල් ලක්ෂ 559යි
ප්‍රසන්න රණතුංග – රුපියල් ලක්ෂ 561යි
කෝකිලා ගුණවර්ධන – රුපියල් ලක්ෂ 587යි
මොහාන් පී ද සිල්වා – රුපියල් ලක්ෂ 601යි
නිමල් ලාන්සා රුපියල් ලක්ෂ – 692යි
අලි සබ්රි රහීම් – රුපියල් ලක්ෂ 709යි
ගාමිණි ලොකුගේ – රුපියල් ලක්ෂ 749යි
ජොන්ස්ටන් ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 934යි
කෙහෙළිය රඹුක්වැල්ල – රුපියල් ලක්ෂ 959යි
