පාසැල් වල මත්ද්‍රව්‍ය පරීක්ෂා කරන්න පොලිස් සුනඛයන්ගේ සහය

පාසල් මට්ටමින් සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීම් හා සෝදිසි කිරීම සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සහය ලබාදිය හැකි බව පොලිස් මූලස්ථානය පවසයි.

” රටම එකට ” ජාතික මෙහෙවර සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන අතර මෙහි අරමුණ වනුයේ රට තුල ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය උවදුර මුලින් උපුටා දැමීමයි.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සෘජු දායකත්වයක් දක්වන අතර පාසල් ළමුන් ඉලක්ක කරගෙන සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම මුලින් උපුටා දැමීම සඳහා සෑම අයුරින්ම පොලිසිය විසින් පාසල් කේන්ද්‍ර කරගනිමින් විවිධ වැඩසටහන් ආරම්භ කර ඇත.

තවද පාසල් මට්ටමින් ද විදුහල්පති, කාර්‌ය මණ්ඩලය විසින් විවිධ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පාසල් තුල ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත.

පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය සෝදිසි මෙහෙයුම් හා පරීක්ෂා කිරීම් සඳහා පොලිස් නිල සුනඛයින්ගේ සහය අවශ්‍ය වන්නේ නම් අදාල පාසලේ විදුහල්පති හෝ විදුහල්පතිනිය විසින් ශ්‍රී ලංකා පොලිසියේ නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සමඟ සම්බන්ධ වී අවශ්‍ය සහය ලබා ගැනීමට හැකියාව ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

අධ්‍යක්ෂ / පොලිස් නිල සුනඛ කොට්ඨාසය දුරකථන අංක:
071-8591816/ 081-2233429

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading