මිරිහාන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියගේ නිල කාර්යාලයේ තිබූ ඇයගේ ඡායාරූපයකට මල් මාලයක් පැළඳවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම පිළිබඳව විමර්ශනයක් මිරිහාන මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ක්‍රියාත්මක වන බවයි පුවත් වාර්තා සඳහන් කරන්නේ.
මෙම සිදුවීම සිදුව ඇත්තේ, ස්ථානාධිපතිනි වරුණි බෝගහවත්ත මහත්මිය අසනීප තත්ත්වයක් හේතුවෙන් නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි.
රාජකාරී කටයුතු අතරතුර මෙවැනි තර්ජනාත්මක ක්‍රියාවක් සිදුවීම පිළිබඳව පොලීසියේ දැඩි අවධානය යොමුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වමින් සිටින බව වාර්තා වනවා.
