ශානි ගැන මඩ ප්‍රචාරයක් නැවතත් ! අධිකරණයේ කතාවත් විකෘති කරලා !!

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න ඇප මත මුදා හැරීමට කුරුණෑගල මහාධිකරණය අධිකරණය විසින් ඊයේ (14) නියෝගයක් ලබා දුන් අතර, එම නඩුකරයේ දී ශානි අබේසේකර සම්බන්ධයෙන් විනිසුරුවරයා විසින් සිදු කළා යැයි සඳහන් ප්‍රකාශයක් සමාජ මාධ්‍යය හරහා ප්‍රචාරය වී තිබුණා.

ඒ අනුව සමාජ මාධ්‍යන්හි සඳහන් ව තිබූ එම ප්‍රකාශයන්හි සඳහන් වූයේ, හිටපු නාවික හමුදාපති නිශාන්ත උලුගේතැන්න අත් අඩංගුවට ගැනීමේදී අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව කටයුතු කල ආකාරය දෝෂ සහගත බව හා සීඅයිඩී අධ්‍යක්ෂවරයා විසින් පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමේදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ සදහන් නියමිත ක්‍රමවේදය අනුගමනය කර නොමැති බවත්, වසර 20 කට අධික සේවා පලපුරුද්දක් ඇති පොලිස් නිලධාරියෙක්ගෙන් අධිකරණය මෙවැනි අනීතික ක්‍රියාවලියක් බලාපොරොත්තු නොවූ බව සඳහන් කරමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරුවරයා විසින් චූදිත හමුදාපතිවරයා ඇප මත මුදා හැරීමට නියෝග කළ බවයි.

කෙසේ නමුත් සත්‍ය වශයෙන් ම එම අවස්ථාවේ දී අධිකරණය තුළ ශානි අබේසේකර සම්බන්ධයෙන්දු කිසිඳු සඳහනක් සිදු කර නොමැති අතර, මහාධිකරණ විනිසුරු ටිකිරි කේ. ජයතිලක විසින් එම ඇප ලබා දෙන අවස්ථාවේ දී පවසා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කරන පොලිස් ස්ථානාධිපතිවරයාගේ කාර්යයභාරය පිළිබඳව තමා ගැඹුරින් සටහන් කිරීමට තමා සිතා සිටි බවත්, ඒ සඳහා තමාට අවස්ථාව නොලැබුණු බවත් ය. කෙසේ නමුත් පොලිස් ස්ථානාධිපතිවරයෙකු වන්නේ අවුරුදු 20 ක් පමණ සේවයේ නියැලී සිටි අයෙකු වන බැවින් ඔහු මෙම කටයුතුවලදී මීට වඩා සැලකිලිමත් විය යුතු බවයි විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මෙම ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද්දක් බව පවසමින් විනිසුරුවරයාගේ අදහස් විකෘති කර සමාජ මාධ්‍ය තුළ මඩ ප්‍රචාරයක් මේ වන විට දියත් කරමින් පවතින බව දැක ගත හැකි වනවා.

පාස්කු ප්‍රහාරය හා තවත් අපරාධ ගණනාවක් සම්බන්‍ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එහි නිලධාරීන් ඉලක්ක කර ගනිමින් සිදු කරන මෙම මඩ ප්‍රචාර සංවිධානාත්මක සිදු වන්නක් බව බැලූ බැල්මටම නිරීක්ෂණය කළ හැකි අතර, වඩාත් වැදගත් කාරණය නම් ඔවුනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා ශානි අබේසේකර වෙත මෙවැනි අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීමට බලපාන හේතුව කුමක් ද යන්නයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading