2017 දී පළමු වරට ශ්‍රී ලංකාව තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ සිදුවීමක් වාර්තා වූ අතර, ඉන් අනතුරුව ගෙවී ගිය වසර 08 තුළ අයිස් භාවිතය සම්බන්ධයෙන් 135,044 ක් අත්අඩංගුවට ගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක චාමර කරුණාරත්න පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ, 2024 වසර තුළ පමණක් අයිස් කිලෝග්‍රෑම් 1,364 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ අනුව 2017 වර්ෂයේ දී අයිස් මත්ද්‍රව්‍යය සම්බන්ධ සිදුවීම් 5ක් වාර්තා වී ඇති අතර, ඉන් අනතරුව පිළිවෙළින් 2019 වර්ෂයේ දී පුද්ගලයන් 2,073ක්, 2020 වර්ෂයේ දී පුද්ගලයන් 2,387 ක්, 2021 වර්ෂයේ දී පුද්ගලයන් 13,720ක්, 2022 වර්ෂයේ දී පුද්ගලයන් 22,631ක්, 2023 වර්ෂයේ දී පුද්ගලයන් 26,096ක් හා 2024 වර්ෂයේ දී පුද්ගලයන් 68,132ක් දෙනෙක් වශයෙන් අත්තඩංගුවට ගෙන ඇති බවයි ඒ මහතා සඳහන් කර සිටියේ.
කෙසේ නමුත්, එසේ අත්අඩංගුවට ගෙන ඇති අතර එයින් බස්නාහිර පළාතෙන් පුද්ගලයන් 55,428 ක් වාර්තා වී ඇති බවද ඔහු දක්වා සිටියා.
එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය විසින් නිකුත් කළ 2025 ලෝක මත්දුව්‍ය වාර්තාවට අදාළව, 2023 වන විට ලෝක ජනගහනයෙන් වයස අවුරුදු 15ත් 64ත් අතර පසුවන පුද්ගලයන් මිලියන 316ක් විස සහිත මත්ද්‍රව්‍ය එක් වරක් හෝ භාවිත කර ඇති අතර පසුගිය වර්ෂ 10 පුරාවට එය සියයට 28ක් දක්වා ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් ඉන් මිලියන 244 ක ප්‍රමාණයක් ගංජා භාවිත කර ඇති අතර මිලියන 31 ක් අයිස් කුලකයට අයත් මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙන බවයි සඳහන් වන්නේ.
අයිස් සඳහා ප්‍රතිකාර ලබන කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය භාවිත දරුණු රෝග ලක්ෂණ, ළමා කල අහිතකර අත්දැකීම් මට්ටම්, මානසික පීඩන තත්ත්වයන් පිරිමින්ට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා අතර පිරිමින් හා සසඳන විට අයිස් භාවිත කරන කාන්තාවන් අවදානම් සහිත ලිංගික හැසිරීම්වල යෙදීමට ඉහළ ප්‍රවණතාවක් ඇති බවත් HIV, හෙපටයිටීස් සහ වෙනත් බෝවන රෝග වැලඳීමේ වැඩි අවදානමක් ඇති බව ද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක චාමර කරුණාරත්න අවධාරණය කරනු ලැබුවා.
මූලාශ්‍රය – අද ‘මව්බිම’
