ත්‍රස්තවාදී පනත ගැන වුණු පොරොන්දු ඉටු කරන්න ! බොරු නීති ගේන්න එපා !! – අධිකරණ ඇමතිට ලිපියක්

මහජන කවුන්සලය සඳහා වූ ව්‍යාපාරය හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහමුලින්ම අහෝසි කළ යුතු යැයි විශ්වාස කරන සියලුම කණ්ඩායම් සහ සමාජ ක්‍රියාකාරිකයන් නියෝජනය කරමින් ඔවුන්ගේ අත්සන් සහිත ලිපියක් අද (28) අධිකරණ අමාත්‍යවරයා වෙත භාරදෙනු ලැබුවා.

ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ගැසට් පත්‍රය ප්‍රකාශනයට පෙර පොරොන්දු වූ ‘ධවල පත්‍රිකාව’ කොහේ ද ? යන ශීර්ෂය යටතේ යි.

මීට පෙර ද එනම් ඉකුත් මැයි 29 වන දින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කිරීම පිළිබඳ වූ නිර්දේශ හා වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීම සඳහා මෙම කණ්ඩායම නියෝජනය කරමින් පැමිණි පිරිස වෙත  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට පියවර ගනිමින් සිටින බව හා  පවතින නීතිය අවලංගු කිරීමෙන් පසු නව නීතියක් සඳහා ඇති අවශ්‍යතාවය සම්බන්ධයෙන් රජයේ තීරණය සහ චේතනාව පැහැදිලි කරමින් ‘ධවල පත්‍රිකාවක්’ බෙදා හරිනු ලබන බව පොරොන්දු වූ බව මෙන්ම වඩා පුළුල් අදහස් විමසීම් සිදු කිරීම සඳහා ප්‍රමාණවත් කාලය ලබාදෙන බව ද අධිකරණ අමාත්‍යංශය පොරොන්දු වී ඇති බවයි සඳහන් වන්නේ.

නමුත්, විදේශ අමාත්‍ය විජිත හේරත් ඉකුත් 22 වන දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ‘ධවල පත්‍රිකාවක්’ හෝ පසුව සිදු කිරීමට නියමිත මහජන අදහස් විමසීමක් පිළිබඳ කිසිදු සඳහනක් සිදු නොකර,  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවංලගු කිරීමේ පනත් කෙටුම්පත සැප්තැම්බර් මස මුලදී රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන අවධාරණය කර සිටියා.  

තව ද ජාතික ජන බලවේගය ප්‍රමුඛ රජය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට මෙම වසර තුළ සපයන ලද සංඛ්‍යාලේඛනවලට අනුව,  2025 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම් 49 ක් සහ 2024 සම්පූර්ණ වර්ෂය තුළ එම පනත යටතේ අත්අඩංගුවට ගැනීම් 38 ක් සිදු කර ඇති බව සඳහන් වනවා.  

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට සහ එය වෙනත් ත්‍රස්ත නීතියකින් ප්‍රතිස්ථාපනය නොකිරීම සඳහා වන ස්ථාවරය  යළි යළිත් අවධාරණය කරමින්,   ‘ත්‍රස්තවාදය’ සම්බන්ධ ගැටලු ආමන්ත්‍රණය කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන ඇතුලුව, පවතින අපරාධ අධිකරණ ක්‍රියාදාමය තුළ අවම වශයෙන් නීති 15 ක් ඇති බව ද ඉස්මතු කරමු.  ත්‍රස්තවාදය පිළිබඳව කිසිදු විශේෂ නීතියක් සඳහා දැනට අවශ්‍යතාවයක් නොමැති බව මෙම ලිපිය මගින් අවධාරණය කර තිබෙනවා.

එම ලිපිය මඟින් රජය වෙත අවධාරණය කර සිටින ඉල්ලීම් මෙසේ යි.

  • වෙනම ව්‍යවස්ථාදායක ක්‍රියාවක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම.
  • යම් නව ත්‍රස්තවාද නීති සඳහා ඇති අවශ්‍යතාවය පිළිබඳව පොරොන්දු වූ ‘ධවල පත්‍රිකාව’ ප්‍රකාශයට පත්කර, මහජනතාව සමඟ පුළුල් අදහස් විමසීමක් සිදුකරන තුරු රජයේ ගැසට් පත්‍රය තුළ නව යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ප්‍රකාශයට පත් කිරීම නැවැත්වීම.
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන තෙක්, එය යොදා ගැනීම සම්බන්ධයෙන් වහාම තාවකාලික තහනමක් පැනවීම.
  • ජනාධිපති සමාව ඇතුලු දේශපාලනික සහ නීතිමය මැදිහත්වීම් හරහා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට රඳවා සිටින සියලුදෙනා හට යුක්තිය කඩිනම් කිරීම, තහවුරු කිරීම සඳහා සාක්ෂි නොමැති නම් හෝ එකම/ප්‍රාථමික සාක්ෂි ඇත්තේ පාපොච්චාරණ හරහා පමණක් නම්, චෝදනා ඉල්ලා අස්කර ගැනීම සහ තවමත් චෝදනා එල්ල වී නොමැති අය නිදහස් කිරීම.
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටි සහ වරදකරුවන් නොවූ අය වෙනුවෙන් පිළිගැනීම, සමාව අයැදීම, හානිපූරණය, ශාරීරික සහ මානසික සෞඛ්‍ය සේවා සහ ජීවනෝපාය සහාය ඇතුලුව, රාජ්‍යය මඟින් වන්දි ලබා දීම සහතික කිරීම. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන අත්අඩංගුවේ සිටිය දී මියගිය අයගේ පවුල් වලට ද වන්දි ලබාදීම.

අද අධිකරණ අමාත්‍යවරයා අමාත්‍යංශ පරිශ්‍රයේ නොසිටි හෙයින් අමාත්‍යංශ ලේකම්වරයා වෙවෙමෙම ඉල්ලීම් රැගත් ලිපිය භාරදුන් බවයි ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading