දේශබන්දුට ඇප දෙනවා ද ? නැද් ද? තීරණය අද

රක්ෂිත බන්ධනාගාරගත කළ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සේවය අත්හිටුවන ලැබ සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) උදෑසන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ ඔහු කළ ඇප ඉල්ලීම සම්බන්ධ තීන්දුව අද පස්වරු 2.00ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

දුටු තැන අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග ලැබ සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ උදෑසන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණා.

එහිදී මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කළේ, අද දිනය දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

පසුව ඔහු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගියේ දැඩි ආරක්ෂාව මධ්‍යයේයි.

2023 දෙසැම්බර් 31 වැනි දා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 27 වැනිදා නියෝග කළා.

දින 20ක් සැඟව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට භාර වුණේ මෝසමක් ගොනු කරමින්. https://whatnews.lk/2025/03/19/they-must-be-planning-to-sneak-in-like-a-sneaky-cat-and-take-the-bail/

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading