හිරුණිකාගේ වරෙන්තුව ආපසු කැඳවයි

නඩුවකට පෙනී නොසිටීම හේතුවනේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර සිටියා.

මෙම නඩුව අද (10) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මලි මහත්මිය වරෙන්තුවක් නිකුත් කළා.

පසුව මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයේ පෙනී සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන් වෙනුවෙන් නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවන ලෙස සිය නීතිඥවරු මාර්ගයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ වරෙන්තු ආපසු කැඳවීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading