පාරිභෝගිකයේ නිලධාරීන්ව ඔෆිස් වෙනුවට මෝල්වල රස්සාවට යවලා

දෛනිකව නිකුත් කෙරෙන තොග පරීක්ෂා කිරීමට මහපරිමාණයේ එක් සහල් මෝලක් සඳහා නිලධාරින් දෙදෙනෙකු බැගින් යොදවා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළා.

එම අධිකාරිය පැවසුවේ, සහල් මෝල් හිමියන් දෛනිකව නිකුත් කරන තොග ප්‍රමාණය, මිල මෙන්ම අදාල මිල ගණන් යටතේ සහල් පාරිභෝගිකයින් අතට පත්වන්නේද පිළිබඳවද එම නිලධාරෘන් පරීක්ෂාවට ලක්කරෙන බවයි

පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් සහල් මෝල් පරික්ෂාව ඊයේ ආරම්භ කෙරුණු අතර අඛණ්ඩව දින 10 ක් එම කටයුතු සිදුකෙරෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළා.

හම්බන්තොට හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ප්‍රධාන සහල් නිෂ්පාදන ආයතන ඊයේ පරික්ෂාවට ලක්කෙරුණෘ.

උපරිම සිල්ලර මිලකට යටත්ව ඊයේ සිට සහල් නිකුත් කිරීමට ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී සහල් මෝල් හිමියන් එකඟතාවකට පැමිණියා.

මේ අතර, නියම කළ මිල ඉක්මවා සහල් අලෙවි කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ද, ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading