ලොහාන්ගේ තවත් සැප රියක් තෙල්දෙණියෙන් සොයාගෙන

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් භාවිත කරන ලැදැයි පැවසෙන ව්‍යාජ අංක තහඩු යෙදූ රුපියල් කෝටි හතරක පමණ වටිනාකමින් යුත් මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයක් තෙල්දෙණිය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඊයේ (31) පස්වරුවේ දිගන අයි.සී.සී නිවාස සංකීර්ණයට අයත් නිවසක තිබීයදී .

පදිංචිකරුවන් නොමැති නිවසක ගරාජයේ තිබී සොයාගත් මෙම වාහනයේ සවිකර තිබූ අංක තහඩුව සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ එය මහනුවර පිලවල ප්‍රදේශයේ කාන්තාවකට අයත් රතු පැහැති ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයකට අයත් එකක් බවයි.

එම ජිප් රථයේ අංකය භාවිත කරමින් මෙම ජීප් රථය ධාවනය කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබුණා.

ලොහාන් රත්වත්තේ මහතා ගේ බිරිඳට අයත් මිරිහාන පොලිස් වසමේ ඇඹුල්දෙණිය ශාලාව පාරේ පිහිටි තෙමහල් නිවසක ගරාජයේ තිබී පසුගිය 26 දින සුඛෝපභෝගි වාහනයක් සොයාගත් අතර එම සිද්ධියට අදාළව ඔහු මේ වනවිට නොවැම්බර් මස 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

දිගන ප්‍රදේශයෙන් සොයාගත් ව්‍යාජ අංක තහඩු සහිත ජිප් රථය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙන බවයි පැවසෙන්නේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading