ජාතික ජනබලවේගයට බලය ලැබේවි කියලා කවුරුත් හිතුවේ නැහැ – හරිනි

ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක දක්ෂ වුණත් තනියම මේ රට හදන්න බැරි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (19) මහරගම පැවැති ජනහමුවක් අමතමින්.

එහිදී ඇය කියා සිටියේ වසර 75 කම මෙරට ආණ්ඩු බලය ලබා සිටි කිසිවෙකුත් ජාතික ජනබලවේගයට බලය ලැබේයැයි කිසිදිනක නොසිතු බවත් ජනතාව ඒ බලය තම පිරිසට ලබා දුන් බවයි.

කෙසේ වෙතත් ජාතික ජනබලවේගය දේශපාලන පක්ෂයක් නොව ජනතාවගේ ව්‍යාපාරයක් බව ඇය අවධාරණය කර සිටියා.

එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායකට පමණක් රට තනිවම සෑදිමට අමාරු බවත් එයට අවශ්‍ය හොඳ කණ්ඩායමක් මෙවර පාර්ලිමේන්තු යෑවීමට කටයුතු කිරීම ජනතාවගේ වගකිම බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළා.

තවද මේ වැටිලා තියෙන රට ගොඩ ගැනිමට ශක්තිමත් අමාත්‍ය මණ්ඩලයක් මෙන්ම ප්‍රගතිශිලි පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ඇය කියා සිටියා.

තවද පාර්ලිමේන්තුවේ 225 ම එපා යැයි පැවසුව ද මේ වන විට බාගෙට බාගයක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ස්වේච්ඡාවෙන් ඉවත්ව සිටින බව ඇය මෙහිදී අවධාරණය කළා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading