නවවැනි පාර්ලිමේන්තුවේ අසුන් හිස්වීම් 19 ක්

නවවැනි පාර්ලිමේන්තුවේ අසුන් හිස්වීම් 19 ක්, වාර අවසාන කිරීම් 4ක් සහ රැස්වූ දින ගණන 390 ක් බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසනවා.

ඒ අනුව 2020 අගෝස්තු 20 වැනි දින පළමු රැස්වීමෙන් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24 දින මධ්‍යම රාත්‍රියෙන් විරුවා හරිනු ලැබූ නවවැනි පාර්ලිමේන්තුව පැවති කාලසීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මන්ත්‍රීධුර 19 ක පුරප්පාඩු ඇතිව තිබෙනවා.

ඒ අනුව අවස්ථා 18 ක දී මන්ත්‍රීවරුන් 16 දෙනෙකු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත්ව ඇති අතර මන්ත්‍රීවරුන් 241 ක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වූ අතර ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ මහතා කෙරුණා.

අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුවට නැවතත් ජයන්ත කැටගොඩ මහතා පත් පත් වුණා.

මේ අයුරින්ම මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ අසුන සඳහා ඒ. එච්.එම්. ෆවුසි මහතා තේරී පත්වූ අතර අධිකරණ තීන්දුවක් අනුව පුරප්පාඩු වූ ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු අසුන සඳහා නැවතත් මුජිබර් රහුමාන් මහතා පත් කළා.

නමුත් පුරප්පාඩු වූ හරීන් ප්‍රනාන්දු ගේ මන්ත්‍රීධූරය සඳහා නව මන්ත්‍රීවරයකු පත් කෙරුණේ නැහැ.

නවවැනි පාර්ලිමේන්තුවේ සිදු වූ සුවිශේෂීම සිදුවීමක් වූයේ මෙරට 7වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමයි.

මෙරට 8වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තේරී පත්වුණා.

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය වෙනුවට නව මන්ත්‍රීවරයෙකු පත් වීම ඇතුළුව නව මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත්ව තිබෙනවා.

එමෙන්ම පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම් 4කට ලක්ව තිබෙනවා

මින් පළමු වාර අවසාන කිරීම් දෙක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කර තිබෙන අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තෙවැනි සහ සිව් වැනි වාර අවසාන කිරීම් සිදුකර තිබෙන බව සඳහන්.

මේ අනුව නවවැනි පාර්ලිමේන්තුවේ සභාවාර 5ක් පවත්වා ඇති අතර පළමු සභාවාරය 2020.08.20 දින සිට 2021.12.12 දක්වාත්, දෙවැනි සභාවාරය 2022.01.18 දින සිට 2022.07.28 දක්වාත්, තෙවැනි සභාවාරය 2022.08.03 දින සිට 2023.01.27 දක්වාත්, සිව් වැනි සභාවාරය 2023.02.08 දින සිට 2024.01.26 දක්වාත් පස්වැනි සභාවාරය 2024.02.07 සිට 2024.09.24 දින පාර්ලිමේන්තුව විසුරුවාහැරීම දක්වාත් ක්‍රියාත්මක වී තිබෙනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading