මැතිවරණ කොමිසමෙන් තව නීති

මැතිවරණ අත්පත්‍රිකා ගෙන් ගෙට බෙදා හැරීම සඳහා පෙරහර හා පෙළපාලි ආකාරයට ජන සමූහ ලෙස ගමන් කිරීම තහනම් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එලෙස කටයුතු කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

අත්පත්‍රිකා බෙදා හැරීමේදී සංගීත වාදන සහ ප්‍රදර්ශන පුවරු යොදා නොගත යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂවලට දැනුම්දී තිබෙනවා.

තවද මැතිවරණ සමයේදී දේශපාලන පුවත් හා ලිපි හෝ දැන්වීම් අතිරේක යනාදිය රජයේ හෝ රජයේ ආයතනවල වියදමින් පළ නොකරන ලෙසද දැනුම්දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

රජයේ නිලධාරීන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීමෙන් වැළකිය යුතු බවත් රජයේ කාර්යාල පාසල් ආදී කිසිදු ආයතනයක හෝ එම පරිශ්‍රයන්හි ඡන්ද ආයාචනා කිරීම, අත්පත්‍රිකා බෙදා හැරීම, ප්‍රදර්ශන පුවරු හෝ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවද සඳහන් වනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading