පාස්කු ප්‍රහාරය ශානිගේ, රවීගේ පිටින් දාන්න හිටපු පොලිස් ලොක්කන් දෙන්නෙක් සීඅයිඩී ගිහින්! පැය 7ක ප්‍රකාශයක් දීලා!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වළක්වාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර වගකිව යුතු බව සඳහන් කරමින් පැය 7ක ප්‍රකාශයක් හිටපු පොලිස් ප්‍රධානීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබේ.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන සහ හිටපු පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ මෙලෙස ප්‍රකාශයක් ලබා දී තිබේ.

ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයට සම්බන්ධ වෙමින්, එහි වැඩසටහනකට එක් වීමෙන් පසු, මෙම චෝදනා රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන්ට එල්ල වී තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ගුණවර්ධණ ඇතුලු නිලධාරීන්ද, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද වගකිවයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ලැබී තිබියදීත්, ඒ පිළිබඳ විශ්වාස කිරීමට කරුණු කොමිෂන් සභා වාර්තා ගණනාවක සඳහන්ව තිබියදී, මෙලෙස පැමිණිලි ඉදිරිපත් කළ පාලිත සිරිවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා ඇත්තේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට නිලධාරීන් වගකිවයුතු නම්, වැඩිපුර වගකිවයුත්තේ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මීට පෙරද, වත්මන් ආණ්ඩුව යටතේ දේශපාලන පළිගැනීමක් ලෙස අත්අඩංගුවට ගෙන සිරගත කර සිටි පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදාගනිමින් නැවත වතාවක් දේශපාලන පළිගැනීමක් සිදු කරන්නේදැයි මේ වන විට සැක මතුව තිබේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading