පරිවාස හා ළමා ආරක්ෂක කොමසාරිස්වරියකගෙන් පරිවාස නිලධාරිනියකට ප්‍රහාරයක්

සබරගමු පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා කොමසාරිස්වරියක විසින් රාජකාරියක් සිදු කරමින් සිටියදී රුවන්වැල්ල ස්ථානභාර පරිවාස නිලධාරිනියකට පහර දීමක් සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවට වාර්තා වනවා.

රුවන්වැල්ල පරිවාස කාර්යාලයට පැමිණ රාජකාරියක් සිදු කරමින් සිටියදී සබරගමුව පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා කොමසාරිස්වරිය එම පහරදීම සිදු කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව මේ විමර්ශන ආරම්භ කළ බව රුවන්වැල්ල පොලිසිය සඳහන් කළා.

පහරකෑමකට ලක්වු බවට පැවසෙන රුවන්වැල්ල ස්ථානභාර පරිවාස නිලධාරිනිය මේ වන විට කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසුවා.

මේ පහර දීම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන ලෙස සමස්ත ලංකා පරිවාස නිලධාරීන්ගේ සංගමයේ සභාපති අජිත් පියනන්දන මහතා සබරගමු පළාත් ප්‍රධාන ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක්ද කර තිබෙනවා

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading