ඩයනට කරදර පිට කරදර

රූපවාහිනී සජීවී විකාශන අවස්ථාවක් ලබාගෙන රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැරිම නිසා සංචාරක හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබෙන බව ජාතික රූපවාහිනී සංස්ථාව පවසනවා.

මේ සම්බන්ධයෙන් ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ ගමගේ මහත්මියට නඩු පැවරීමට තමා අදාළ අංශ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.

මෙම හිඟ මුදල ගෙවන ලෙස කිහිප වතාවක්ම ඩයනා ගමගේ මහත්මියට දැනුම්දී තිබුණද විවිධ හේතු දක්වමින් ගෙවීම පැහැර හැරි බව සභාපතිවරයා පවසා සිටියා.

නවගමුව පෙරහර සජීවී ලෙස ප්‍රචාරය කිරීම සඳහා ඇය මෙම විකාශනය ලබා ගෙන ගත්තේ ඒ සඳහා වැය වන සියලුම මුදල් තමා පෞද්ගලිකවම ගෙවන බවට පොරොන්දු වෙමින් ලිඛිත ලියවිල්ලක්ද ඉදිරිපත් කරමින් බව පැවසෙනවා.

ද්විත්ව පුරවැසිභාවය ගැටලුව හේතුවෙන් ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට අයිතියක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ( 9) බදාදා දැනුම් දුන්නා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading