රනිල් ඉන්නකම් කවුරුත් බඩගින්නේ තියන්නේ නැහැ.වජිරගෙන් සහතිකයක්

රනිල් පාලන බලයේ සිටින තුරු රටේ දෙකෝටි විසි ලක්ෂයක් වන ජනතාවගෙන් එක් අයෙකුටවත් බඩගින්නේ ඉන්නට ඉඩ තබන්නේ නැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

ලංකාව පාලනය කිරීමට දායක වූ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු දෙනා ගත් ණය ගෙවමින් ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමේ වගකීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ඉටුකරමින් සිටින බවද වජිර මහතා පවසා සිටිනවා.

වජිර අබේවර්ධන මහතා මේ බව පවසා සිටියේ අඩු ආදායම්ලාභී පවුල් ලක්‍ෂ 29 කට එක් පවුලකට මසකට නොමිලේ සහල් කිලෝ 10 ක් ලබාදීමේ ජාතික වැඩසටහනට අනුව ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැති උත්සවය අමතමින්.

ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් එක් ලක්ෂ හැට දහසකට මෙහිදී නොමිලේ සහල් පිරිනැමෙනු ඇති.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading