දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට පෙරේදා (23) උද්ඝෝෂණයේ යෙදෙමින් අපරාධමය වරදක් කර ඇතැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.
ඒ උද්ඝෝෂණය කිරීම මහජනතාවගේ පූජනීය අයිතියක් බවත්, පොලිසිය ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් පවසමින් පොලිස් නිලධාරීන්ට අවවාද කළ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මෙම නියෝගය ලබා දී තිබෙනවා.
මෙලෙස මුදාහරින ලද්දේ ජන අරගල වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ක්‍රියාකාරී සාමාජිකයන් දෙදෙනකු වන ධම්මික නයන කුමාර (28) සහ මේනක වික්‍රමානයක (33) යන දෙදෙනෙක්.
මේ පිළිබඳ ගාල්ල උසාවියේ නීතිඥවරියක වන ගෝපිකා ලොකුගේ ලියා තිබූ සටහනක් මෙසේයි.
‘2023.10.24
ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු තුමා විසින් පලාත් පාලන සේවකයන්ගේ උද්ඝෝෂණයකදී පහර දී , අත් අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කරන ලද ප්‍රභාත් නයන කුමාර හා මෙලන් වික්‍රමනායක සහෝදරයන්ට ඇප ලබා දෙමින් පොලිසියට ලබා දෙන ලද මාර්ගෝපදේශයන්.
පාලකයා විසින් ජනතාවගේ අයිතිවාසිකම් සීමා කරන විට, උල්ලංඝනය කරන විට ඒවට එරෙහිව විරෝධතාවය දක්වන්න, උද්ඝෝෂණ කරන්න තියෙන අයිතිය උත්තරීතරයි. එයට විරුද්ධව කිසිවක් කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නැ . එය ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින්ම ආරක්ෂා කර දීලා තියෙනවා . මෙම අධිකරණ කලාපය තුල ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වන ඕනම විටක ඒවා ආරක්ෂා කර ගැනීමට , ඒ සදහා ඉල්ලිම් කිරීමට ඔවුන්ට
හැකියාව පැවතිය යුතුය . එයට එරෙහිව කටයුතු කිරීමට පොලිසිය කිසිසේත්ම නොකල යුතුය. සාමාන්‍ය අපරාධයක් සම්බන්ධව කරන රාජකාරි වලින් පොලිසිය වැලක්වීමක් කරන්නෙ නැ . නමුත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වීමකදී, සිවිල් අයිතිවාසිකම් කඩ වීමකදී ඊට එරෙහිව උද්ඝෝෂණ කරන්න , විරෝධතාවය දැක්වීමට , පෙළපාලි යන්න ජනතාවට අයිතිවාසිකම් තිබිය යුතුය. මින් ඉදිරියට මෙවන් අසත්‍ය චෝදනා නගමින් නඩු මෙම අධිකරණය ඉදිරිපත් නොකල යුතුයි.
(පොලිසිය විසින් ලබා දුන් අමතර විනෝදාත්මක රස – “අසාධ්‍ය රෝගියකු කැටුව යාමට ඇම්බියුලන්ස් රථයට යෑමට අවහිර කිරීම, පොලිස් නිලධාරීන්ට පහර දී රෝහල් ගතව ප්‍රකාශයක් ගත නොහැකි තත්ත්වයක් පැවතීම, වීඩියෝ සාක්ශි ලබා ගත්තේ නැත.” යි පැවසීම. වැනි හැම විටම පවසන විහිලු කතා අප කුල්මත් කිරීමට සමත් විය.‘
ගාල්ල මහ නගර සභාවේ රැකියාව ස්ථිර කර දෙන ලෙස ඉල්ලා එම පිරිස පෙරේදා(23) වනදා උද්ඝෝෂණයක නිරත වූ අතර එම උද්ඝෝෂණයට පොලිසිය පහර දී විසුරුවා හැරීමට කටයුතු කළා.
ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් එදින ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ නීති විරෝධී රැස්වීම, අයුතු ජන රාශියක සාමාජිකයන් වීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තුවාල සිදුකිරීම, සාපරාධී බලහත්කාරය, අයතු ඇතුළුවීම, අනර්ථය යන චෝදනා රැසක් යටතේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (24) ඉදිරිපත් කර තිබුණා.
එහිදී තුවාල සිදු වූ පොලිස් නිලධාරීන්ට සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට යොමුකරන ලෙසත්, පරීක්ෂණ අවසන්ව නොමැති බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙම සැකකරුවන් සාමකාමී උද්ඝෝෂණයක් සිදුකිරීමේ දී ඔවුන්ට පොලිසිය විසින් දැඩි ලෙස පහර දී අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර ඇති බවත්, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරමින් පැවති උද්ඝෝෂණයක් වුවත් පොලිසිය එම අයිතිවාසිකම් නොතකා කටයුතු කර ඇති බවත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ පවසා තිබුණා.
සියලු කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා, උද්ඝෝෂණය කිරීම මහජනතාවගේ පූජනිය අයිතිවාසිකමක් බවත්, මහජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අධිකරණය සෑම විටම බැඳී සිටින බවත් කියා සිටියා.
ඒ අනුව ගාල්ල අධිකරණ කලාපය තුළ ඕනෑම සාමකාමී උද්ඝෝෂණයකට පොලිසිය විසින් පහර දීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නොකළ යුතු බවත්, මින් ඉදිරියට එවැනි සිදුවීම් වුවහොත්, අදාළ පොලිස් නිලධාරීන් සම්බන්ධව දැඩිව ක්‍රියාකරන බවටත්, අවවාද කරමින් සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් බැගින් මුදාහැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
සැකකරුවන් උද්ඝෝෂණය කළ බව පිළිගන්නා බැවින් හඳුනාගැනීමේ පෙරට්ටුව ද අවලංංගු කළ බව ද සඳහන්.
මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට පාලකයන්ට හෝ පොලිසියට හැකියාවක් නොමැති බව පැවසු ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මහජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අධිකරණ සෑම විටම කැපවී කටයුතු කරන බවද පවසා සිටියා.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ජෝතිරත්න කදිරහෙට්ටිආරච්චි, ප්‍රසිත වල්ගම, ගෝපිකා ලොකුගේ, අජිත් කුමාර, රජින්ද්‍ර නාරංගොඩ සහ පිනිපා ගොඩගේ පෙනී සිට තිබෙනවා.
බොහෝම භුද්දිමත් විනිසුරු වරයෙක් දුන් මේ උත්තරීතර තීන්දුවට මාගේ හිසනමා ආචාර කරමි.. සියලූම විනිසුරුවරුන්ට හොද ආදර්ශයක්..
නූගත් පොලීසියක් ..
රටක නීතිය රකින මිනිසුන් එම නීර්හිය අකුරට ඔඉලි පදිනවානම් ඒ රටට ජාතියට දෙවියොත් වදිනව .. ඒරටේ ජනතාව සතුටින් පඩුවෙනව. 🙏
Only the last place protects human Rights please do same all court of Sri Lanka….constitution more and more grate than police law……
මෙන්න නඩ්ඩො .
අපට අවශ්‍ය පොලිසි කියන එකට එහෙයි කියන තුට්ටු දෙකේ නඩ්ඩො නොවෙවී. නීතිය දන්නා අපක්ෂපාත කොන්ද කෙලින් අධිකරණ නිලධාරීන්.
මේ වීරෝධාර නඩ්ඩාට ජනයාගේ උතුම් ආචාරය!