ටිරාන්ට විශ්වාසභංගයක්!

රටේ සිදුවන ඝාතන රැල්ල පදනම් කරගනිමින් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපාට බන පාර්ලිමේන්තු සතියේදී භාර දීමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සූදානමින් සිටිති.

ඝාතන රැල්ල පාලනය කිරීමට මාසයක් කල් දෙන බවත් එසේ නොවුණහොත් මහජන ආරක්ෂක ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බවත් පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් එල්ලාවන ප්‍රකාශ කළේ මීට මාසයකට පමණ පෙරය. ඝාතන රැල්ල පාලනය කිරීමට ඇමැතිවරයා අසමත්ව ඇතැයිමේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඒ අනුව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය තරම් කරුණු තිබෙන බවත් ඒ සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් මූලිකත්වය ගෙන සිටින බවත් මන්ත්‍රීවරයා පැවසී්‍ය.

විශ්වාසභංගය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ එකඟතාව මෙතෙක් ලැබී නොමැති බවත් ලබන පාර්ලිමේන්තු සතියේ එ නායකයන් සමග සාකච්ඡා කිරිමට නියමිත බවත් දේශපාලන ආරංචි සඳහන් කළේය.

දැඩි මතභේදයකට තුඩු දී තිබෙන සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පතද ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසිනි.

(

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading