අවුරුදු දහයක් කොමිසමෙන් කට්ටි පැනපු මහින්ද, රංගට බිය වී වත්කම් උපයාගත් හැටි ලිඛිතව දැනුම්දීලා!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වසර දහයක් තිස්සේ ලබා නොදුන් සිය වත්කම්, බැරකම් සහ ආදායම් මාර්ග පිළිබඳ විධිමත් දිවුරුම් ප්‍රකාශය අප්‍රේල් 10 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර දී තිබේ.

ඒ, අදාළ තොරතුරු ලබා දීම සඳහා කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක නියම කර තිබූ අවසන් දින 14 ක කාලසීමාව අදින් අවසන් වන පසුබිමකය.

මෙම වත්කම් ප්‍රකාශය ලබා දීම සිදු කර ඇත්තේ 2015 වර්ෂයේදී ආරම්භ කරන ලද බීසී/2992/2015 දරන විමර්ශනයට අදාළවය. එම වර්ෂයේදීම වත්කම් විස්තර ඉල්ලා හිටපු ජනාධිපතිවරයා වෙත නිවේදනයක් යොමු කර තිබුණද, වසර 10කට අධික කාලයක් ගතවන තුරුත් එම තොරතුරු ඉදිරිපත් කර නොතිබූ බව කොමිෂන් සභාව පෙන්වා දී තිබුණි. එහෙත් රංග දිසානායක අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කල විමසීමේදී නියමිත කාලසීමාව ඇතුළත ප්‍රතිචාර දැක්වීම විශේෂත්වයකි.

පසුගිය මාර්තු 23 වන දින අල්ලස් කොමිසම විසින් තංගල්ලේ ‘කාල්ටන් නිවස’ වෙත ලිඛිත නියෝගයක් යොමු කරමින් දැනුම් දී තිබුණේ, අප්‍රේල් 10 වන දිනට හෝ ඊට ප්‍රථම අදාළ දිවුරුම් ප්‍රකාශය ලබා දිය යුතු බවයි. එම විමර්ශනය සඳහා අවශ්‍ය කරුණු ඉදිරිපත් කිරීමට දැනටමත් වසර 10ක කාලයක් ලබා දී ඇති බැවින්, මෙම කාලසීමාව තවදුරටත් දීර්ඝ නොකරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ලිපියෙන් අවධාරණය කර තිබුණි.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 49 (1) (උ) වගන්තිය ප්‍රකාරව මෙම කැඳවීම සිදු කර තිබුණි.

අද දින මෙම ලේඛන භාර දීමෙන් අනතුරුව, එම වත්කම් සහ ආදායම් මාර්ග උපයාගත් ආකාරය පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු අල්ලස් කොමිසම විසින් සිදු කිරීමට නියමිතය. එහිදී ඔහු වත්කම් උපයාගත් ආකාරයේ සැක සහිත තැන් තිබුණහොත් ඉදිරියේදී ඔහු දඩුවම් ලැබීමේ හැකියාව පවා ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading