පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ යාම පාලනය කරන්න රජයෙන් සැලැස්මක් ! මහජනතාවට සහන සැලසීම අවසන් අරමුණ බව රජය කියයි !!

මාර්තු 22 වන දින සිට බලපැවැත්වෙන පරිදි 92 ඔක්ටේන් පෙට්‍රල් හා ඔටෝ ඩීසල්වල ප්‍රකාශිත විකුණුම් මිලට වඩා ආනයනික මිල වැඩි නම්, 92 ඔක්ටේන් කාණ්ඩයේ ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 20/-ක් දක්වා සහ ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100/- ක් දක්වා ඉන්ධන ආනයනික සැපයුම්කරුවන් වෙත ගෙවීම මඟින් ඉන්ධන මිල ඉහළ යාම පාලනය කරමින් මහජනතාව වෙත සහන සැලසීම සඳහා වන යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හීව තිබෙනවා.

මැදපෙරදිග කලාපයේ ඇති වී ඇති යුධමය තත්ත්වය හේතුවෙන් සිදු වන බාහිර කම්පන මඟින් මහජනතාවගේ එදිනෙදා ජීවිතයට මෙන්ම සමස්ත ආර්ථිකයට ඇති වන බලපෑම විධිමත්ව කළමනාකරණය කර ගැනීම පිණිස රජය විසින් ගෙන යනු ලබන ක්‍රියාවලිය යටතේ වන ක්‍රියාමාර්ගයක් ලෙසයි මෙම තීරණය ගනු ලැබ ඇත්තේ.

ඒ අනුව, ඒ යටතේ මහජනතාව වැඩි වශයෙන් භාවිත කරනු ලබන ඔක්ටේන් පෙට්‍රල් සහ පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරනු ලබන ඔටෝ ඩීසල් මිල ගණන් ඉහළ යාම පාලනය කිරීම සඳහා මෙම තීරණය බලපැවැත්වෙන බවයි රජය පාර්ශවය සඳහන් කරන්නේ.

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading