කොළඹ මහා නගර සභාවේ සභිකයෙකු වන මොහමඩ් බුහාරි ෆාතිමාගේ සොහාරා ගේ මන්ත්‍රීධුරය අහිමි කර තිබෙනවා.
ඒ ඇගේ පක්ෂය වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පක්ෂය විසින් ලබාදුන් උපදෙස්වලට පටහැනිව මන්ත්‍රීවරිය අයවැයට පක්ෂව ඡන්දය භාවිත කිරීම හේතුවෙනුයි.
ඇයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කිරීමෙන් අනතුරුව මෙලෙස ඇයගේ තනතුර අහෝසි කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කොළඹ මහා නගර සභාවේ තේරීම්භාර නිලධාරි පියුමි ආටිගල කටයුතු කර තිබෙනවා.
