හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව පැය 4කට වැඩි කාලයක් රැඳී සිටි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් පිටව ගොස් තිබෙනවා.
ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට අද (03) උදෑසන පැමිනුණේ සිරීලිය සවිය පදනමේ මූල්‍ය කටයුතුවලදී සිදුවූ බව කියන අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන දීර්ඝ විමර්ශනයකට අදාළවයි.
සිරිලිය සවිය පදනම නමින් ලබාගත් ඇතැම් ප්‍රදානයන් හා බැංකු ගිණුම් හරහා සිදු වූ බව කියන මූල්‍ය ගනුදෙනු පිළිබඳව එල්ල වී ඇති චෝදනා ප්‍රකාරව මෙහි දී ප්‍රශ්න කිරීමට නියමිතව තිබූ අතර, මෙම විමර්ශන සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ය විසින් පසුගිය මස 27 වන දින ශිරන්ති රාජපක්ෂ වෙත මෙම කැඳවීම සිදු කළ නමුත්, පෞද්ගලික හේතූන් මත තමන්ට එම දිනයේ දී පෙනී සිටීමට තමන්ට නොහැකි බවත්, මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීම සඳහා සති දෙකක කාලයක් ලබා දෙන ලෙසත් ඇය එම අවස්ථාවේ දී විමර්ශන නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.
