වතු කම්කරුවන්ට ඔවුන්ගේ සේවයට සරිලන සාධාරණ දෛනික වැටුපක් ලබා දීමේ අරමුණ සහිතව වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1,550/- දක්වා වැඩි කිරීමට සහ පැමිණීමේ දෛනික දිරි දීමනාවක් වශයෙන් රුපියල් 200/-ක් වෙන් කිරීමට 2026 අයවැය මඟින් යෝජනා කළ අතර, එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදන ද වෙන් කරනු ලැබුවා.
ඒ අනුව, රජය විසින් ගෙවීමට යෝජිත දිරි දීමනාව 2026 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06ක කාලසීමාවක් සඳහා අදාළ වැවිලි සමාගම් හරහා ගෙවීමටත්, ඉන් අනතුරුව එකී දිරි දීමනාව සෘජුවම වතු කම්කරුවන්ගේ පෞද්ගලික බැංකු ගිණුම් වලට බැර කිරීමටත් අදාළ සියලු පාර්ශ්වයන් දැනුවත් කරමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් සැලසුම් කරනු ලැබ තිබෙනවා.
