මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව වෙත වාහන අංක තහඩු මුද්රණය කර සැපයීම සඳහා ජාතික තරගකාරී ප්රසම්පාදන ක්රමවේදය යටතේ කැඳවා තිබූ ලංසුව සඳහා ඉදිරිපත් වූ ලංසු 04 කින් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව වෙත වාහන අංක තහඩු මුද්රණය කර සැපයීමේ ප්රසම්පාදනය M/s South Asian Technologies (Pvt) Ltd වෙත පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ වසර 05ක කාලසීමාවක් සඳහායි.
ඉදිරිපත් වූ ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්රසම්පාදන කමිටුව සහ ප්රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ලබා දී ඇති නිර්දේශ මත පදනම්ව මෙසේ M/s South Asian Technologies (Pvt) Ltd වෙත අදාළ ප්රසම්පාදනය පිරිනැමූ බවයි රජය සඳහන් කරන්නේ.
පසුගිය සමයේ වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම රජය විසින් තාවකාලිකව අත්හිටුවූ අතර ඒ මෙම ටෙන්ඩරය සම්බන්ධ ගැටලු හේතුවෙන් බවයි එවක සඳහන් වූයේ !
