හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්රයෙක් මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ද වූ චරිත රත්වත්තේ රාජ්‍ය සේවයේ කීර්තිමත් හා දක්ෂ නිලධාරියෙකු ලෙස දශක ගණනාවක් ක්‍රියා කර ඇති බව හා එහි දී ආදර්ශමත් සහ දේශප්‍රේමී රාජ්‍ය නිලධාරියකු ලෙස ක්‍රියා කරමින් රාජ්‍යයේ සුබසිද්ධිය වෙනුවෙන් සේවය කළ බව දැක්වෙන විශේෂ ප්‍රකාශයක් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන විසින් සිදු කර තිබෙනවා.
ඒ අනුව ඊයේ (04) දිනයේ නමෙම ප්‍රකාශය ඇතුළත් නිවේදනයක් නිකුත් කරමින් වජිර අබේවර්ධන පෙන්වා දෙන්නේ චරිත රත්වත්තේ 2001 වසරේදි මෙරට ආර්ථිකය බිඳ වැටුණු අවස්ථාවේ දී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ඉමහත් සේවයක් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සිදු කළ බවයි.
එසේ ම රජයේ නිලධාරීන් ගන්නා තීරණවලදී රජයට ලාභයක් සිදු වූ විට ස්තූති කිරිමක් හෝ වාසිදායක තත්ත්වයක් උදාවූ විට ඔවුනට සහන ලබා නොදෙන බවත්, සද්භාවයෙන් ගන්නා තීරණවලදී සිදුවන පාඩු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සහ මුදල් අමාත්‍යංශයේ රෙගුලාසි අනුව රාජ්‍ය සේවකයන් හැසිරවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
ඔහු අවසාන වශයෙන් රත්වත්තේගේ රාජ්‍ය සේවා ඉතිහාසය පිළිබඳව ද සඳහන් කරමින් අවධාරණය කරනුයේ, විශේෂයෙන් අපරාධ හැර අනික් අවස්ථාවල රාජ්‍ය සේවකයන් බොහොම සංවේදී පුද්ගලයන් නිසා ඔවුන් ප්‍රවේශමෙන් හැසිරවීම කළ යුතු බවයි.

කෙසේ නමුත්, නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව තාවකාලික වී ගබඩා 50 ක් ආනයනය කර රජයට කෝටි 9 ක පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජයම්පති චරිත රත්වත්ත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හරිනු ලැබුවා.
එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප 2ක් මත මෙසේ රත්වත්තේ මුදා හැරීමට නියෝග කළ අතර, සැකකරුගේ විදෙස් ගමන් ද තහනම් කරන ලෙසයි නියම කරනු ලැබුවේ.
