අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) පැවසුවේ, පසුගිය වසර සඳහා සිය වත්කම් හා බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ඉහළ පෙළේ නිලධාරීන් හතළිස් එකක් (41) අතර කැබිනට් අමාත්‍යවරයෙක්, ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරුන්, තානාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ විනිසුරුවරුන් ද සිටින බවයි.
වත්කම් හා වගකීම් ප්‍රකාශන ඉදිරිපත් නොකළ පුද්ගලයන්ගේ සංශෝධිත ලැයිස්තුවට අනුව, හිටපු කැබිනට් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් හය දෙනෙක් වන තාරක බාලසූරිය, ශාන්ත බණ්ඩාර, කාදර් මස්තාන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, සුරේන්ද්‍ර රාඝවන් සහ දිවංගත ලොහාන් රත්වත්තේ යන මහත්වරුන් සිය වත්කම් ප්‍රකාශන භාර දීමට අපොහොසත්ව ඇත.
2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 80 වගන්තිය යටතේ, රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය තනතුරු දරන අය, දේශීයව හා විදේශීයව සිය වත්කම් හා වගකීම් පිළිබඳව වරින් වර ප්‍රකාශන සිදු කිරීම අනිවාර්ය වේ.
හිටපු ආණ්ඩුකාරවරුන් සිව් දෙනෙකු වන රොෂාන් ගුණතිලක, සෙන්තිල් තොන්ඩමාන්, නවීන් දිසානායක සහ විලියම් ගමගේ යන මහත්වරුන්ද CIABOC විසින් නිකුත් කරන ලද මෙම ලැයිස්තුවට ඇතුළත් වේ.
එමෙන්ම, තානාපතිවරුන්, නියෝජ්‍ය ස්ථිර නියෝජිතයන්, මහ කොමසාරිස්වරුන් සහ අමාත්‍යවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 28 දෙනෙකුට වැඩි පිරිසක් සහ හිටපු විනිසුරුවරුන් දෙදෙනෙකුද මෙම ලැයිස්තුවේ සිටිති.
වත්කම් හා වගකීම් ප්‍රකාශන ඉදිරිපත් නොකළ නිලධාරීන්ගේ ලැයිස්තුව
| අංකය | නම (Name) | තනතුර (Designation) |
| කැබිනට් අමාත්‍යවරු | ||
| 1. | ගරු. ඩග්ලස් දේවානන්දා, පා.ම. (Hon. Douglas Devananda, M.P.) | ධීවර අමාත්‍ය (Minister of Fisheries) |
| පළාත් ආණ්ඩුකාරවරු | ||
| 2. | ගරු. වෙල්ලාරච්චිගේ දෝන් රොෂාන් මහේෂ් ජේම්ස් ගුණතිලක (Hon. Wellarachchige Don Roshan Mahesh James Goonetileke) | බස්නාහිර පළාතේ ආණ්ඩුකාර (Governor of the Western Province) |
| 3. | ගරු. සෙන්තිල් තොන්ඩමාන් (Hon. Senthil Thondaman) | නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර (Governor of the Eastern Province) |
| 4. | ගරු. නවීන් එරංජන් දිසානායක (Hon. Navin Eranjan Dissanayake) | සබරගමුව පළාතේ ආණ්ඩුකාර (Governor of the Sabaragamuwa Province) |
| 5. | විලියම් විජේසිංහ ගමගේ (William Wijesinghe Gamage) | දකුණු පළාතේ ආණ්ඩුකාර (Governor of the Southern Province) |
| රාජ්‍ය අමාත්‍යවරු | ||
| 6. | ගරු. ලොහාන් රත්වත්තේ, පා.ම. (Hon. Lohan Ratwatta, М.Р.) | වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය (State Minister of Plantation Industries and Mahaweli Development) |
| 7. | ගරු. තාරක බාලසූරිය, පා.ම. (Hon. Tharaka Balasooriya, M.P.) | විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය (State Minister of Foreign Affairs) |
| 8. | ගරු. ශාන්ත බණ්ඩාර, පා.ම. (Hon. Shantha Bandara, M.P.) | ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය (State Minister of Mass Media) |
| 9. | ගරු. කාදර් කාදර් මස්තාන්, පා.ම. (Hon. Kader Kader Masthan, M.P.) | ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය (State Minister of Rural Economy) |
| 10. | ගරු. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, පා.ම. (Hon. Sivanesathurai Chandrakanthan, M.P.) | ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය (State Minister of Rural Road Development) |
| 11. | ගරු. සුරේන්ද්‍ර රාඝවන්, පා.ම. (Hon. Surendra Ragawan, M.P.) | උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය (State Minister of Higher Education) |
| තානාපතිවරු, නියෝජ්‍ය ස්ථිර නියෝජිතවරු, මහ කොමසාරිස්වරු, අමාත්‍යවරු, නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානීහු සහ වැඩබලන මහ කොමසාරිස්වරු | ||
| 12. | අතිගරු. උදය ඉන්ද්‍රරත්න (H.E. Udaya Indrarathna) | අතිගරු තානාපති (SLEMB/අබුඩාබි) (H.E. the Ambassador – SLEMB/ Abu Dhabi) |
| 13. | මෙනවිය සී.ඒ.චමින්ද අයි. කොලොන්න (Ms. C.A.Chaminda I. Colonne) | තානාපති (තායිලන්තය – බැංකොක්) (Ambassador – Thailand – Bangkok) |
| 14. | මෙනවිය එන්.එම්.ඩී.ඒ. ගුණසේකර (Ms. Ν.Μ.D.A.Gunasekera) | අතිගරු තානාපති (SLEMB/පැරිස්, ප්‍රංශය) (H.E. the Ambassador – SLEMB/Paris, France) |
| 15. | මෙනවිය එස්.ඩී.කේ. සේමසිංහ (Ms. S.D.K.Semasinghe) | අතිගරු තානාපති (SLEMB/වෝර්සෝ) (H.E. the Ambassador – SLEMB/ Warsaw) |
| 16. | මෙනවිය ලංකා වරුණි මුතුකුමාරණ (Ms. Lanka Varuni Muthukumarana) | අතිගරු තානාපති (SLEMB/බර්ලින්, ජර්මනිය) (H.E. the Ambassador – SLEMB/ Berlin, Germany) |
| 17. | දසනායක මුදියන්සේගේ සුමිත් ප්‍රියන්ත දසනායක මහතා (Mr. Dassanayake Mudiyansekage Sumith Priyantha Dassanayake) | අතිගරු තානාපති (SLEMB/බ්‍රසීලියා, බ්‍රසීලය) (H.E. the Ambassador – SLEMB/ Brasilia, Brazil) |
| 18. | බාලසුබ්‍රමනියම් කන්ඩීපන් මහතා (Mr. Balasubramaniam Kandeepan) | අතිගරු තානාපති (SLEMB/කුවේට්) (H.E. the Ambassador – SLEMB/Kuwait) |
| 19. | එම්.ආර්.කේ. ලේනගල මහතා (Mr. M.R.K.Lenagala) | අතිගරු තානාපති සහ ස්ථිර නියෝජිත (SLEMB/වියනා, ඔස්ට්‍රියාව) (H.E. the Ambassador & PR – SLEMB/Vienna, Austria) |
| 20. | අතිගරු. රන්කොන්දෙගෙදර සමන්ත පුෂ්පකුමාර විජේසේකර (H E Rancondegedara Samnatha Pushpakumara Wijesekara) | අතිගරු තානාපති/PRWTO, PRUN/ජිනීවා (H E the Ambassador/PRWTO – PRUN/Geneva) |
| 21. | ජගත් වෙල්ලවත්ත (Jagath Wellawatta) | තානාපති (ඉතාලිය – රෝමය) (Ambassador – Italy – Rome) |
| 22. | මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ (Prof. Janitha Abeywickrama Liyanage) | තානාපති (රුසියානු සමූහාණ්ඩුව – මොස්කව්) (Ambassador – Russian Federation – Moscow) |
| 23. | වී. කනනාදන් මහතා (Mr. V.Kananathan) | අතිගරු මහ කොමසාරිස් (SLHC/නෛරෝබි) (H.E. the High Commissioner – SLHC/Nairobi) |
| 24. | චන්ද්‍රසේකර රෝහිත බණ්ඩාර බොගොල්ලාගම මහතා (Mr. Chandrasekera Rohitha Bandara Bogollagama) | අතිගරු මහ කොමසාරිස් (SLHC/ලන්ඩන්) (H.E. the High Commissioner – SLHC/London) |
| 25. | ජෝසප් ශ්‍රීමාල් වික්‍රමසිංහ මහතා (Mr. Joseph Srimal Wickremasinghe) | අතිගරු මහ කොමසාරිස් (SLHC/වික්ටෝරියා, සීෂෙල්ස්) (H.E. the High Commissioner – SLHC/ Victoria, Seychelles) |
| 26. | ඇඩම් මස්නවි ජවුෆර් සාදික් (Adam Maznavee Jaufer Sadiq) | අතිගරු මහ කොමසාරිස් (SLHC/මාලේ) (H.E. the High Commissioner – SLHC/Male) |
| 27. | මෙනවිය මනෝරි කුමාරිකා මල්ලිකාරච්චි (Ms Manorie Kumarika Mallikaratchy) | නියෝජ්‍ය මහ කොමසාරිස් / ලන්ඩන් (Deputy High Commissioner / London) |
| 28. | මෙනවිය කිෂානි ප්‍රියංගා වික්‍රමසිංහ (Ms Kishani Priyanga Wickramasinghe) | නියෝජ්‍ය මහ කොමසාරිස් / නවදිල්ලි (Deputy High Commissioner / New Delhi) |
| 29. | ආචාර්ය දොරේසාමි වෙන්කටෙශ්වරන් (Dr Doraisamy Venkateshwaran) | නියෝජ්‍ය මහ කොමසාරිස් / චෙන්නායි (Depurty High Commissioner / Chennai) |
| 30. | රෝහණ අම්බගොල්ල මහතා (Mr Rohana Ambagolla) | නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි (SLEMB/ වොෂින්ටන් ඩී.සී.) (Deputy Chief of Mission, SLEMB/ Washinton D.C.) |
| 31. | නිර්මලා ඉඳුමතී ඩයස් පරණවිතාන මහත්මිය (Mrs Nirmala Indumathie Dias Paranavitana) | අමාත්‍ය (එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව් යෝර්ක් හි ශ්‍රී ලංකාවේ ස්ථිර දූත මණ්ඩලය) (Minsiter, Permanent Mission of Sri Lanka to the UN in New York) |
| 32. | මෙනවිය පූර්ණිමා ගුණසේකර (Ms Poornima Gunasekera) | අමාත්‍ය (SLEMB/බීජිං) (Minister, SLEMB/Beijng) |
| 33. | ඥානප්‍රගාසම් ලැඩිස්ලවුස් ඥානතේවා මහතා (Mr Gnanapragasam Ladislaus Gnanathewa) | අමාත්‍ය (වාණිජ) (SLDHC/චෙන්නායි) (Minsiter (Commercial), SLDHC/Chennai) |
| 34. | මෙනවිය හරීන්ද්‍රා ක්‍රිෂානි වික්‍රමසිංහ ලියනගේ (Ms Hareendra Krishani Wickremasinghe Liyanage) | අමාත්‍ය (වාණිජ) (SLEMB/හා නොයි) (Minister (Commercial), SLEMB/Ha Noi) |
| 35. | නිශාන් මානික් මුතුක්‍රිෂ්ණ මහතා (Mr Nishan manik Muthukrishna) | අමාත්‍ය (දේශපාලන) (SLEMB/ වොෂින්ටන් ඩී.සී.) (Minsiter (Politicial), SLEMB/ Washington D.C.) |
| 36. | නූහූ ලෙබ්බයි අබ්දුල් හලීම් මහතා (Mr Noohu Lebbai Abdul Haleem) | අමාත්‍ය/චාන්සලරි ප්‍රධානි / කුවේට් (Minsiter/ Head of Chancery / Kuwait) |
| 37. | මෙනවිය කේ.ඒ.එන්.එස්. සමරසිංහ (Ms K A N S Samarasinghe) | වැඩබලන නිලධාරී (SLEMB/ බුකාරෙස්ට්) (Charged de Affairs, SLEMB/ Bucharest) |
| 38. | මෙනවිය තලුගම්වල වික්‍රමගේ ශෂිකා සමන්මලී (Ms. Talugamwala Wickramage Shashika Samanmali) | ප්‍රථම ලේකම්/චාන්සලරි ප්‍රධානී (SLEMB සහ ස්ථිර දූත මණ්ඩලය/තායිලන්තය) (First Secretary/Head of Chancery – SLEMB & Permanent Mission/Thailand) |
| 39. | ආර්. කෝහුලරංගන් මහතා (Mr R Kohularangan) | වැඩබලන නිලධාරී (SLEMB/ ඉතාලිය) (Charge d’ Affairs, SLEMB/ Italy) |
| අභියාචනාධිකරණ විනිසුරුවරු | ||
| 40. | කුරුප්පුගේ ඛේමා ඈන් විදූරියා ස්වර්ණාධිපති (Kuruppuge Khema Anne Vydurya Swarnadhipathi) | අභියාචනාධිකරණ විනිසුරු (Judge of the Court of Appeal) |
| 41. | ඩී.එන්. සමරකෝන් (D.N. Samarakoon) | අභියාචනාධිකරණ විනිසුරු (Judge of the Court of Appeal) |
මෙම ලැයිස්තුව 2025 මාර්තු 25 වන දිනට ජනාධිපති ලේකම් කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ලබාගෙන සත්‍යාපනය කර ඇති අතර, එහි අඩංගු සියලු තොරතුරු අදාළ ආයතන විසින් සපයන ලද තොරතුරු වලට අනුකූල වේ. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් 2025.04.10 දින ලැබුණු ලිපිය අනුව මෙම ලැයිස්තුව තවදුරටත් සංශෝධනය කර ඇත.
