හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රබල පෙළේ දේශපාලනඥයන් 26 දෙනකු විසින් අයථා ලෙස ඉපයූ බව කියන රුපියල් කෝටි ගණනක දේපළ රජයට පවරා ගැනීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් විමර්ශන ආරම්භ කර ඇති බවට “දිවයින” පුවත්පත වාර්තා කරනවා.
මෙම දේශපාලනඥයන්ගේ සහ හිටපු ආරක්ෂක ප්‍රධානියාගේ දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන මේ වනවිටත් ආරම්භ කර ඇති අතර මෙම දේපළ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ ගැනීමේ කටයුතු ඉදිරියේදී සිදුකිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
ඒ මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, චාමර සම්පත් දසනායක, දිලුම් අමුණුගම, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, කංචන විජේසේකර, සාගල රත්නායක, තිස්ස කුට්ටිආරච්චි, වජිර අබේවර්ධන, මහීපාල හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, මනුෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, හර්ෂණ රාජකරුණා, ශානක්‍ය රාසමානික්‍යම්, පිල්ලෙයාන්, එච්.එම්. චන්ද්‍රසේන, ශාන්ත අබේසේකර යන අයගේ දේපළ සම්බන්ධයෙන් බවයි පැවෙසෙන්නේ.
අයථා ඉපයීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන එම ලැයිස්තුවේ හිටපු ආරක්ෂක ප්‍රධානි, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් වන අතර, එතුමාගේ දේපළ සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන් වනවා.

සේරම දාන්න ඇතුලට ඊට පස්සේ විමර්ශන කරන්න ඕනෙ පොඩි මිනිසුන්ට කරන්නේ එහෙම නේද..?
Hariyata Hari
Atulata d’ala wadak na maradapala depala ganila
අඩෝ මන් හිතුවෙ රාස හොද එකෙක් කියල ඒ කියන්නෙ ඌත් කෙලල එහෙම නම්…
Marapiyaw oya kariyawa
KDU Hospital aken puduma widihata salli gehuwe…
බේබිලගෙ නම් නැහැනෙ
Oka horek Mara dapiya karyawa non