අයවැයට ඡන්දෙ දුන්නේ ඇයි? කදාර් මස්තාන්ගෙන් පැහැදිලි කිරිමක්

2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු වූ ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා අයවැයට පක්ෂය ඡන්දය භාවිත කර තිබුණා.

අයවැය තුන්වැනි වරට කියවීමේ ඡන්ද විමසීමේ ඊයේ (21) පස්වරුවේ සිදු කෙරුණු අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 159ක් හිමි වූ අතර, විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 45 ක්.

ඒ අනුව අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 114කින් ජයගැනීමට රජය සමත්වුණා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා ගත් තීරණය පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ,

“මේක ආණ්ඩුවේ පළවෙන් අයවැය. ජනතාව ඔවුන්ව බලයට පත් කළා. හොඳ දෙයක් රටට වෙන්න ඕනේ කියලා තමයි ජනතාව හිතන්නේ. අපේ රටේ ජනතාවගේ අදහසත් කැමැත්තත් එක්ක තමයි මමත් වැඩ කරන්නේ. ඒකයි මමත් පක්ෂව ඡන්දය දුන්නේ.”

“අපි ඉස්සරහට බලමු. ජනතාව හිතපු විදියට ආණ්ඩුව වැඩ කරයිද ? කියලා. ජනතාව දීලා තියෙන බලයට විරුද්ධව අපි ක්‍රියා කරනවාට වඩා ජනතාව වෙනුවෙන් අපේ සහයෝගය දෙන එක තමයි කරන්න ඕනේ.”

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading