පුලුවන් නම් මගේ එක හොයන්න – ලාල්කාන්ත

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සමාජයට අවශ්‍ය දෙයක් නම් එය කළ යුතු බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පවසනවා.

ජාතික ජන බලවේගයේ මැති ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස පක්ෂ දෙකක් විසින් යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් විමසූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා.

ලාල් කාන්ත මහතා මෙහිදී පවසා සිටියේ ගැටලුව ඇත්තේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් නම් ඉන් පිළිතුරක් ලැබේ යැයි අපේක්ෂා කරන්නේ නම් ඒ පිළිබඳව සොයා බැලීමේ කිසිදු ගැටලුවක් නොවන බවයි.

“ ඒක හොඳයි ඉතින්, හොයපුදෙන් , ඒක අවශ්‍ය දෙයක් නම් සමාජයට ඕන දෙයක් නම් ඒක නම් ප්‍රශ්නේ ඒකෙන් නම් උත්තරේ එන්නේ හෙව්වට කිසි ප්‍රශ්නයක් නැහැ. මේක පැතිරිච්ච සමාජයක් නේ දැන්. විවිධ අය ඉන්නවා, විවිධ අයට විවිධ ඕන කම් තියෙනවා , මගේ එක හොයන්න කියන්නකො පුළුවන්නම්, ලාල් කාන්ත එච්චරයි. මුකුත් නැහැ වෙන.”

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading