Monday, June 17

විවාහ සංවත්සරය සමරමින් මහින්ද ශිරන්තිට උම්මා එකක් දෙයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ බිරිද ශිරන්ති රාජපක්ෂ සමග 41 වැනි විවාහ සංවත්සරය සමරා ඇති අතර, එයට සමගාමීව එම මැතිණියට හාදුවක් ලබාදෙන ඡායාරූපයක්ද ප්‍රසිද්ධ කර තිබේ.

‘අපේ විවාහ ජීවිතයට දැන් අවුරුදු 41යි. දශක හතරක් කියන්නේ දිගු කාලයක්. දුක සතුට සම සේ දරාගනිමින් අභියෝග හමුවේ නොසැලී මහ මෙරක් වගේ ශිරන්ති හැමදාම මගේ ළඟින්ම හිටියා. බිරිඳක, මවක, මිතුරියක, මිත්තනියක ලෙස ඔබ කළ කැපකිරීම් අසමසමයි. ඒ සියල්ලටම බොහොම ස්තුතියි. දයාබර ශිරන්තිට සුබ විවාහ සංවත්සරයක් වේවා!‘ යනුවෙන් එම ඡායාරූපය සමග මහින්ද රාජපක්ෂ මහතා ෆේස්බුක් සටහනක් තබා තිබුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා වන මහින්ද රාජපක්ෂගේ වයස අවුරුදු 78ක් වන අතර, ශිරන්ති රාජපක්ෂගේ වයස අවුරුදු 71කි.

ශිරන්ති රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂගේ දරුවන් වන නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන තිදෙනාම මෙරට ජාතික රග්බි කණ්ඩායමට ක්‍රීඩා කළ අතර, එය ඔවුන්ගේ සුදුසුකම් මත නොව පවුල් බලය මත සිදු වූවක් බව චෝදනා එල්ල වේ.

ශිරන්ති රාජපක්ෂගේ මැදිහතවීමෙන් පවත්වාගෙන ගිය කාල්ටන් පෙර පාසල් සමූහය සහ සිරිලිය සවිය ඇතුළු ක්‍රියාකාරකම්වලදී සිදු වූ වංචා දූෂණ පිළිබද ඇයට චෝදනා එල්ල විය. ඒ අතරින් ව්‍යාජ හැදුනුම්පත් අංක ඉදිරිපත් කරමින් සිරිලිය සවිය ගිණුම් පවත්වාගෙන යෑම ඇයට එරෙහි ඍජු සහ බරපතල චෝදනාවක් විය. වසීම් තාජුඩීන් ඝාතනයට අදාලව ඇයට වක්‍ර චෝදනා එල්ල විය. 2019 ජනාධිපතිවරණයේදී ශිරන්ති රාජපක්ෂ ජනාධිපති අපේක්ෂිකාව විය යුතු බවට ප්‍රබල මතයක් ඉදිරිපත් වූ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ වෙත ලැබුණු විශාල සහයෝගය හමුවේ එම යෝජනාව ඉවත් කර ගැනිණ.

Author

1 Comment

Comments are closed.

Discover more from WHAT NEWS

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading