කොල්ලකාරී ධනවතුන්ට එරෙහිව එක්වෙමු! උතුරු පළාතේ ධීවර නායක අන්නරාසා කොළඹ මැයි රැළියකදී කළ ඓතිහාසික කතාව!

වැඩකරන ජනතාවගේ ඒකාබද්ධ මැයි දින රැළියේ සුවිශේෂීත්වයක් වුණේ, උතුරු පළාත් ධීවරයන් නියෝජනය කරමින් ධීවරයන් විශාල පිරිසක් සම්බන්ධ වීමය. ධීවරයන්ගේ අරගලවලට එම මැයි දින රැළියේදී වෘත්තිය සමිතිවල සහයෝගය හිමි වන බව ප්‍රකාශ කෙරින.

උතුරු පළාත් ධීවර ෆෙඩරේෂනය වෙනුවෙන් අදහස් දැක්වූ ඒ. අන්නරාසා මැයි රැළියේදී අදහස් දක්වමින් පහත කරුණු කීය.

‘උතුරු පළාත් ධීවර ෆෙඩරේෂනය විදියට අපි ධීවර අයිතීන් වෙනුවෙන් පහුගිය දශක ගාණක් තිස්සේ සටන් කරනවා. අපි බොහොම සතුටුයි, කොළඹ වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එක්ක ජාතික ඉල්ලිමක් විදියට අපේ ඉල්ලීම් ඉල්ලන්න පුළුවන් වීම ගැන. අපට ඕනෑ සදහන් කරන්නට, පහුගිය වසර ගණනක් තිස්සේ උතුරු පළාත් ධීවරයන් තදින් පීඩාවට පත් වෙලා ඉන්නේ ඉන්දීය ධීවරයන්ගෙනුයි. අවාසනාවකට අපේ ආණ්ඩුව අනෙක් පැත්ත බලාගෙන ඉන්නවා, නිසි විසදුමක් එයට ලබා දෙන්නට.

මේ මැයි දිනයේදී අපි කොළඹ ආවේ, අපගේ ඉල්ලීම් නැවත සිහිපත් කරන්න. අපේ ලංකාවේ මුහුදේ වැඩකරන ජනතාවට අපගේ මුහුද, සම්පත් සහ ස්වෛරීත්වය රැකගන්නට. රට ණයවලින් මිරිකී සිටින වෙලාවක, ආණ්ඩුව අපේ මුහුදු සම්පත් බහුජාතික සමාගම්වලට විකුණමින් ඉන්නවා. ආණ්ඩුව, අපේ රට ආර්ථික අර්බුදයෙන් බේරාගන්නා මුවාවෙන් අපේ ධීවරයන් තමන්ගේ සම්පත්වලින් ඈත් කරනවා. ආණ්ඩුව ඒ වෙනුවෙන් අලු‍ත් ධීවර පනතක් ගේනවා. ඒ පනත ගේන්න තිබුණේ, ධීවරයන් සමග සාකච්ඡා කළාට පස්සේයි.

එහෙත්, ආණ්ඩුව අපි එක්ක කිසිම සාකච්ඡාවක් නොකර ධීවර පනත ගෙනාවා.

යුද්ධයට කලින් උතුරේ ධීවරයන් අත්‍යවශය ධීවර සම්පත් අපේ රටට ගෙනාවා. මෙය සාක්ෂ්‍යයක් අපේ රටේ ඉතිහාසය තුළ. ඒ සාධක තිබියදී, ආණ්ඩුව ලෑස්තිවෙමින් ඉන්නේ මුහුදු සම්පත් බහුජාතික සම්පත්වලට විකුණා විදේශ විනිමය ගේන බව කියන්නයි. මේ මැයි දිනයේදී අපි වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන සමග එක් වී ධනවතුන්ට ඕනෑ ආර්ථිකයක් ගොඩනගනවාට එරෙහිව, ජනතාවගේ ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් පෙනී සිටින්නට දහස් ගණන් ධීවරයන්ට අපි ආරාධනා කරනවා.‘

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading